27 April 2024
#දේශීය

රනිල් ජනපති වෙන්න පුළුවන්නම් ඇයි අපිට බැරි ! මෛත්‍රිපාල සිරිසේන

බිංදුවට වැටුණු රනිල් වික්‍රමසිංහ මහතාට කුමන හෝ විදිහට ඉතාමත් කොටි කාලයකින් රටේ ජනාධීපති වෙන්න හැකි වු බවත් එසේනම් ඇයි අපිට ද කල නොහැකි දෙයක් නොමැති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වන සංවත්සර උත්සවය අමතමින් පවසා සිටියේ ඉදිරි කාලයේදී බොහෝ ඉක්මනින් කුමන හෝ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ලකුණු පහල වී ඇති බවයි.

එසේම ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් බිහි කිරීමට සියළු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව හෙතෙම පැවසිය. වාමාංශික ප්‍රගතිශිලි පක්ෂ සමඟ සන්ධානගතව බිහි කිරීමට බලාපොරොත්තුවන සන්ධානයේ ශක්තිමත් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවට පත් කල යුතු බව සිරිසේන මහතා කියා සිටියේය.

එසේම මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින නමුත් තම පක්ෂය සමගි ජනබලවේගයට අයටත් නොවන බව ද විපක්ෂයේ රාජකාරිය නිවැරදිව කටයුතු කරන බව ඔහු අනාවරණ කලේය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජනාධීපති රනිල් වික්‍රමසිංහ හට ද තම පක්ෂය විසින් යෝජනා කරනු ලැබුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවිය යුතු නමුත් එම යෝජනාව මෙතෙක් ක්‍රියාත්මක නොවු බව සිරිසේන මහතා කියා සිටියේය.

එමෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිව පවතින ආණ්ඩුව තුල ඇමැති ධුර භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැති බව සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *