• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට යළි වැහුවොත් ගොඩඒමක නෑ….ඉදිරි මාස කීපය තුළ මේ අර්බුද වලින් ගොඩ ආ හැකියි – ඇමති ප්‍රසන්න කියයි

30 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතය බවත් රට යළි වසා දැමීමකින් තොරව පවත්වාගෙන යා හැකි වුවහොත් ඉදිරි මාස කීපය තුළ මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ රට නැවත වසා දැමීමට සිදු වුවහොත් පවතින අර්බුදය තවත් උග්‍ර අතට පත්විය හැකි බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා (28) උඩුගම්පොළ දී මැටි, වේවැල්, පිත්තල හා ලීබඩු ප්‍රවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ රාජ්‍ය අමාත්‍යාංශය මගින් මිනුවන්ගොඩ ආසනයේ 90 දෙනෙකුට රුපියල් ලක්ෂ 71ක් වටිනා ස්වයං රැකියා උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ” අද අපේ රට මුහුණ දීලා තියෙන අර්බුද රැසකට හේතුව ඩොලර් නොමැතිවීම. තෙල්, විදුලිබල, ගෑස් වගේ ප්‍රශ්න වල ඇත්ත හේතුව ඒකයි. කොවිඩ් වසංගතය පාලනය කරන්න ආණ්ඩුවට විශාල පිරිවැයක් දරන්න සිද්ධ වුණා. කොවිඩ් වසංගතය පාලනයට එන්නත්කරණයට ප්‍රමුඛතාව දුන්නා. අපේ රටේ විතරක් නෙමෙයි. මේ ආර්ථික අර්බුදය ලෝකයටම පොදුයි. ලෝකයේ ආර්ථික වශයෙන් ශක්තිමත් රටවල් පවා මේ කොරෝනා වසංගතය හමුවේ හෙල්ලුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයෙන් මේ රටත්, ජනතාවත්, බේරගත්තා වගේ ගෝඨාභය ජනාධිපතිතුමා කොරෝනා වලින් රටත්, ජනතාවත් බේරගත්තා. ආණ්ඩුව එන්නත්කරණය පටන් ගත්තම විපක්ෂය මොන තරම් මඩ ගැහුවද? අද ඔය ආර්ථික කඩාවැටිම ගැන කිඹුල් කදුළු හෙළන විපක්ෂය එදා එන්නත්කරණය විවේචනය කළා. අපේ රටේ මිනිස්සු පරික්ෂණාගාරවල මියෝ බවට පත් කරලා කියලා චෝදනා කළා. දැනටත් රටේ එන්නත්කරණය සම්බන්ධයෙන් බොරු බියක් ඇති කරන්නේ ඔය විපක්ෂයට සම්බන්ධ උදවිය. ඔවුන්ට ඕනෑ වසංගතයට මුවා වෙලා රටේ බලය අල්ලන්න. කොවිඩ් වැඩිවෙලා රට වහන්න වෙනවාට ඒ අය හරි කැමතියි. ඒ නිසා තමයි ඔය බූස්ටර් එන්නත ගැන බොරු මත රට තුල පතුරවන්නේ.
රට නැවත වැහුවොත් මේ පවතින අර්බුදවලින් ගොඩඒමක් නෑ. මේකට එකම විසදුම බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මේ නිසා අපි දැන් බූස්ටර් එන්නත ලබා දීම කඩිනම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් සතියක් ප්‍රකාශයටත් පත් කළා. ඒ නිසා බුස්ටර් එන්නත සම්බන්ධයෙන් පැතිර යන බොරු ප්‍රචාර වලට නොරැවටී එම එන්නත ලබා ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා. කොවිඩ් නිසා වැටුණු රට යලි යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. රට වැහුවොත් එය ආපහු නතර වෙනවා. එතකොට නැවතත් සංචාරක ව්‍යාපාරය, අපනයන කර්මාන්තය බිද වැටෙන්න පුළුවන්. ඒ නිසා විපක්ෂයේ බොරු, අවලාද, මඩ ප්‍රචාර වලට නොරැවටි ඔවුන්ගේ උප්පරවැට්ටි වලට හසු නොවී රජයට ඔබේ සහාය දෙන්න. මේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු කඩ කරන ආණ්ඩුවක් නෙමෙයි. ජනතාවට අප ලබාදුන් සියලු පොරොන්දු ඉදිරියේ දි අපි ඉටු කරනවා. මේ රටේ දේශිය නිෂ්පාදන ක්‍රියාවලිය පහුගිය රජය විසින් විනාශ කළා. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව නැවත දේශිය නිෂ්පාදනවලට ප්‍රමුඛතාව ලබාදීමට කටයුතු කරමින් තිබෙනවා. දේශීය ව්‍යවසායකයන් දිරිගැන්විම සදහා ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදෙන්නේ ඒ අනුවයි. අපි ගෙදර අතුගාන කොස්සත් චීනයෙන් ගෙන්නපු ජාතියක්. අපේ ගෙවල්වල තියෙන භාණ්ඩ වලින් කියෙන් කීය ද ‍‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘. අපි රටේ නැවත ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ පුනරුදයක් ඇතිකළ යුතුයි. ඒ සදහා රජය දැඩි අවධානයකින් කටයුතු කරගෙන යනවා. ඒ අනුවයි මේ රාජ්‍ය අමාත්‍යාංශය හරහා අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළේ. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, මිනුවන්ගොඩ ප්‍රා දේශීය සභා සභාපති කුමාර අරංගල්ල, මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මහත්වරු මෙහි දි කථා කළහ.

 

 

Post Views: 3
Previous Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මානව සම්පත් සංවර්ධන ප්‍රධානී ලෙස කෙනඩි ජේ. මයිකල් මහතා පත් කෙරේ

Next Post

ජාතික ආර්ථිකය නඟා සිටුවීමට රුවන් පුරයෙන් ශක්තියක් ලබාදෙනවා – ප්‍රවාහන අමාත්‍ය

editor

editor

Next Post

ජාතික ආර්ථිකය නඟා සිටුවීමට රුවන් පුරයෙන් ශක්තියක් ලබාදෙනවා - ප්‍රවාහන අමාත්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved