• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වගකීම් විරහිතව කටයුතු කළහොත් හැමෝටම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට යටත් වීමට සිදු වේවි – නීතිඥ සුනිල් වටගල

18 February 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැතිවරණය සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු කළහොත් පාස්කු ප්‍රහාර නඩුවේදී මෙන් දේශපාලන අධිකාරියටත්, රාජ්‍ය නිලධාරීන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට යටත් වීමට සිදුවෙන බව නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් සංවිධානය කල මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී සුනිල් වටගල මහතා මෙසේ අදහස් පල කලේය “ මේ වෙලාවෙන විට තැපැල් ඡන්දය විමසීම කල්ගොස් තිබෙනවා. අපට සැකයක් මතුවෙනවා සමස්ත ඡන්දයට ක්‍රියාවලියට බලපායිද කියන කරුණ. මේ කල්යාමේ ක්‍රියාවලියට පිටුපස සිටින්නේ කැබිනට් මණ්ඩලයයි. අවසානයේ කැබිනට් මණ්ඩලයේ වියදම් සීමා තීරණයට අදාළව තමයි මේක සිදුවන්නේ කියා රාජ්‍ය නිලධාරියෙක් කියා තිබෙනවා. මේ ඡන්දය කල්යාම පිටුපස දේශපාලන අධිකාරිය ලෙස කැබිනට් මණ්ඩලය ඉන්නවා. ඊට අමතරව මේකට සම්බන්ධ වුණු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පස්දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනාගෙන් එක්කෙනෙක් තමයි මහාභාණ්ඩාගාරයේ ලේකම් සිරිවර්ධන. අනික් කෙනා තමයි පොලිස්පති, සී.ඩී. වික්‍රමරත්න. අනිත් කෙනා තමයි නීතිපතිවරයා. මේ කාරණයට සම්බන්ධයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට. ඊළඟට දැන් මහත් ආන්දෝලනයට ලක්ව සිටින මුද්‍රණාලයේ අධිපතිනිය. මේ නිලධාරීන් පස්දෙනා අතේ තමයි මේ ඡන්දය කල්යෑමට අදාළ දේශපාලන අධිකාරියෙන් ගන්න තීරණය පදනම් වෙන්නේ. මේ මුද්‍රණාලයාධිපතිනියගේ ක්‍රියාකලාපය මත පදනම්ව මේ ඡන්දය කල්ගිය බව කියනවා. මුද්‍රණාලයාධිපතිනයේ කතාවෙන් පේනවා මුදල් නොවේ ප්‍රශ්නය කියලා. ඇය මතුකරන්නේ ආරක්ෂාව පිළිබඳවයි. මේ කතාව අනුව දිස්ත්‍රික්ක 17ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්. ඉතිරි ස්වල්පයක තමයි, මේ ගැටලුව ඇතිවී තිබෙන්නේ. ඊට අමතරව තමන්ට වාරණයක් පැණවිලා තිබුණ කැබිනට් මණ්ඩලයේ තීරණයෙන් ඇය නිදහස් කර තිබෙන බවයි ඇය පවසන්නේ. එහෙම නම් ගැටලුවක් තිබෙන්න කිසිම හේතුවක් නැහැ මේ තැපැල් ඡන්දය කල්දැමීමට අදාළව. මැතිවරණ කොමිසම පැත්තටත් ඇඟිල්ලක් දිගුවෙනවා මැතිවරණ කොමිසමෙන් ඒ පිළිබඳව දැනුම් දුන්නේ නැහැයි කියා. මම ඊයේ කොමිසම දැනුවත් කළා, සංසරණ මේ වීඩියෝව අනුව මැතිවරණය කල්දාන්න කිසිම හේතුවක් නැති බව. ඒ පැත්තෙන් අදාළ කාරණා විමර්ශනය කර බලන බව කොමිසම විසින් ප්‍රකාශ කළා. එතුමිය ඉල්ලුවා රුපියල් මිලියන 400ක්. දැන් ඒ මිලියන හාරසියයෙන් ඇඩ්වාන්ස් එකක් ලෙස මිලියන 100ක් ඉල්ලුවා. ඊට පස්සේ මැතිවරණ කොමිසම පැත්තෙන් රුපියල් දැනට රුපියල් මිලියන 40ක් දී තිබෙනවා. තව කෝටි 41ක් ඇය ඉල්ලා සිටිනවා. අපි අහනවා රුපියල් මිලියන 40ට මොකක්ද කළේ. තැපැල් ඡන්ද පත්‍රිකා හය ලක්ෂ ගාණක ප්‍රමාණයක් මුද්‍රණය කරන්න රුපියල් මිලියන 40ක් වියදම් වන්නේ නැහැ. රජයේ මුද්‍රණාලය තිබෙන්නේ රජයේ මුද්‍රණ කටයුතු කරන්න. වාණිජ පරමාර්ථයක් ඡන්දයට අදාළව තිබෙන්න බැහැ. එතුමියට මතක් කරනවා රජයේ මුද්‍රණාලය තිබෙන්නේ රජයේ මුද්‍රණ කටයුතු කරන්න.

එතුමියගේ කතාවෙන් පැහැදිලි වෙනවා, සේවකයෝ වැඩ කරන්නේ පස්වරු 5.00 වෙනකම් පමණයි කියලා. අපි දන්නවා සෑම ඡන්දයක් කාලෙටම සේවකයේ පැය 24ම වැඩ කරනවා. ඊට අදාළව මාරු ක්‍රමවේදයක් හදාගෙන ඒ සේවකයෝ වැඩ කරනවා. එතුමියගෙ කතාවෙන් තේරෙනවා පැය 24 වැඩ කරපු රාජ්‍ය මුද්‍රණාලය දැන් මේ මැතිවරණ සමයේදී හවස 5.00ට නතර කරන බව. මේ මැතිවරණය කඩාකප්පල් කිරීමේ අර්ථයෙන් එතුමිය කටයුතු කරනවාදැයි සැකයක් තියෙනවා.
එතුමියට විරුද්ධව තිබෙනවා එතුමියගේම ලේකම් යටතේ පරීක්ෂණ වාර්තාවක්. චෝදනා දෙකක් එල්ලවෙලා තිබෙනවා. භාවිතයෙන් ඉවත් කරන ලද මුද්‍රණ තහඩු විකිණීම පිළිබඳ එතුමියට චෝදනාවක් තිබෙනවා. ඊට අමතරව තව චෝදනාවක් තිබෙනවා, අස්කොන් කඩදාසි විකිණීමේ ක්‍රියාවලියට අදාළව. මේවා අමාත්‍යාංශයේ ලේකම් ළඟ, පරීක්ෂණ වාර්තාවක් විදිහට තිබෙනවා. පරීක්ෂණ වාර්තාවෙන් කියනවා, ලේකම් මූලික පරීක්ෂණය කරලා, ඒ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස වැඩ තහනම් කරලා විධිමත් විනය පරීක්ෂණයක් කරන්න කියලා. දැනට විගණන දෙපාර්තමේන්තුවත් සම්බන්ධ වුණු පරීක්ෂණයක් ඇය සම්බන්ධව තිබෙනවා. අදටත් ඇය සේවයේ සිටිමින් මේ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඇය රාජ්‍ය සේවිකාවක් ලෙස ලොකු ගැටලුවකට මුහුණ දෙමින් ඉන්නවා. ආයතන සංග්‍රහය යටතේ රාජ්‍ය සේවිකාවක් කටයුතු කරන ස්වරූපයක් තිබෙනවා. රාජ්‍ය සේවකයෙකු පස්වැදෑරුම් ක්‍රමය යටතේ රජයට සේවය කරන්න ඕනෑ. නිරවුල්බව, කාර්යක්ෂමබව, ප්‍රසන්නබව, අපක්ෂපාතීබව. ප්‍රසන්න බව යටතේ ආයතන සංග්‍රහයේ විස්තර කර තිබෙනවා, රාජයේ සේවකයෙක් ගාවට එනවයි කියනවා වර්ග හතරක මිනිස්සු. අහිංසක, බෙලහීන, උගත් සහ නුගත්, හා බලවත් උදවිය. මේ බලවත් අය පැමිණි විටදී මේ සිද්ධිය සිදුවෙලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මෙතුමියව අරලියගහ මන්දිරයට කැඳවාගෙන, තර්ජනයක් කර, ජූනි හෝ ජූලි අග විශ්‍රාම යාමට සිටින ඇයට සේවා දිගුවත් ලබාදෙන බවට පොරොන්දු වී ඇය ලවා මැතිවරණය කඩාකප්පල් කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ආයතන සංග්‍රහයේ කියනවා, අකාර්යක්ෂමතාවය, අදක්ෂතාවය, නොසැලකිල්ල, අවංකත්වය නැතිවීම, අනිසි අවිනය යන කරුණු යටතේත් එතමියට විරුද්ධව ආයතන සංග්‍රහය යටතේත් කටයුතු කිරීමට පුළුවන්, ඊට එයා ගියපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට සම්බන්ධ වරදක් එතුමිය කර තිබෙනවා. ඇය දැන් පොලිස් ආරක්ෂාව ඉල්ලනවා. පොලිස් ආරක්ෂාව දිය යුත්තේ පොලිස්පති. ඒක සම්බන්ධව මැතිවරණ කොමිෂම දැනුවත් කර තිබෙනවා. පොලිස් ආරක්ෂාව නොදෙන්නේ නම් ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළ යුතුව තිබෙනවා. අපට දැනගන්නට ලැබී තිබෙනවා පොලිස් ආරක්ෂාව කෙසේ වෙතත් මේ වැඩේ නොකරන්න කියලා ආණ්ඩුව උපදෙස් දී තිබෙනවා.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතා හොඳ තීන්දුවක් දේශපාලන අධිකාරියටත්, රාජ්‍ය නිලධාරීන්ටත් දුන්නා. මෛත්‍රීපාල සිරිසේනට අදාළ තීන්දුවම විෂයභාර ඇමති බන්දුල ගුණවර්ධනටත් අදාළයි. ඒ තීන්දුවම විෂය භාර ලේකම් අනුෂ පැල්පිටටත් අදාළයි. පොලිස්පතිට, මහා භාණ්ඩගාරයේ ලේකම්වරයාට සහ ගංගානී ලියනගේ මහත්මියට මේ අධිකරණ තීන්දුව පොදුයි. මහජන යුතුකම ඉෂ්ට කරන්නේ නැති, දේශපාලන අධිකාරියත් වරදකට ලක්වෙනවා, පෞද්ගලික මුදලින් ගෙවන්න සිදුවුණා, ඒ වගේමයි ඒ උපදෙස් අනුව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ටත් බුද්ධි ප්‍රධානියාට, පොලිස්පතිට, ආරක්ෂක නිලධාරියාට තමන්ගේ පුද්ගලික මුදලින් ගෙවන්න සිදුවුණා. මේ රටේ පොලිස්පතිට, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට සහ ගංගානී ලියනගේ මහත්මියට මේ අධිකරණ තීන්දුව පොදුයි. මහජන යුතුකම ඉෂ්ට කරන්නේ නැති, දේශපාලන අධිකාරියත්, පාස්කු ප්‍රහාරයටත් වඩා බලවත් වරදක් මැතිවරණයක් කඩාකප්පල් කිරීමට අදාළව කටයුතු කිරීම. අපි මතක් කරනවා තවමත් ඔබ ප්‍රමාද නැහැ. ගංගානී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා දින පහකින් වැඩේ කළ හැකි බව. එසේ නම් මේ 09වැනිදාටම මැතිවරණය පැවැත්විය හැකියි. කිසිදු ප්‍රශ්නයක් නැහැ. සල්ලි බාධාවක් නැතිනම් මේ කාර්ය කිරීමට මැදිහත් වන්න. වගකීම් විරහිතව කටයුතු කළහොත් පාස්කු ප්‍රහාර නඩුවේදී මෙන් දේශපාලන අධිකාරියටත්, රාජ්‍ය නිලධාරීන්ටත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට යටත් වීමට සිදුවෙන බව අපි අවධාරණය කරනවා යැයි නීතීඥ සුනිල් වටගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 9
Previous Post

රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරනවා – ජනපති

Next Post

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කෙරේ - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved