යුද හමුදා බුද්ධි අංශය මඟින් ලබා දුන් තොරතුරකට අනුව නාවික හමුදා නිලධාරීන් පුත්තලම, කරුකපනේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් මිලියන 5කට (ලක්ෂ 50කට) අධික වටිනාකමකින් යුත් නීති විරෝධී බීඩි කොළ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
ස්ථාන දෙකකදී සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 1,165ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භාර දී තිබේ.
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන මෙවැනි දුම්කොළ නිෂ්පාදන පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ මේ වන විට මෙහෙයුම් දැඩි කර ඇත.














