ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසක් එළැඹෙන ජනවාරි 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරත වීමට නියමිත බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය නිවේදනය කර තිබේ.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණු දෙකක් පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ඒ මෑතකදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ ආර්ථික සහ භෞතික හානිය පිළිබඳව සොයා බැලීම සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනට අදාළ ඉදිරි ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා පැවැත්වීමයි.














