ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (20) මෙරටට පැමිණ ඇති අතර මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් සම්බන්ධයෙන් දැනට සිදුවන සාකච්ඡා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් අදාළ නියෝජිත පිරිස මෙරටට පැමිණ තිබේ.
ඔවුන් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.