• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එප්පාවල ප්‍රදේශවාසින් මත්ද්‍රව්‍යවලට එරෙහි විරෝධතාවයක

19 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එප්පාවල පොලිස් වසමේ පත්කොළවැටිය ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ ප්‍රධානත්වයෙන් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය ජාවාරම් සිදු කරන බව පවසා ඊට විරෝධය පළ කරමින්, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිම්මාගම ගම්වාසීන් හා කුඩා දරුවන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.

අදාළ නිවසේ කසිප්පු, ගංජා, හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යය අලෙවි කරන බවත්, සූදූ ක්‍රීඩාවන්ද එම නිවස තුළ පවත්වාගෙන යන බවටත් පවසා “ දරු පරපුර රැකගමු, කුඩු රකුසා ගමට එපා, කුඩු විකුණන උං ගමට ශාපයක්” ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මොවුන් විරෝධතාවයෙහි නිරත වූහ.විරෝධාතවය සඳහා කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම මත් ද්‍රව්‍යය ජවාරම්කරුවන් හේතුවෙන් තම ගම්මානයේ දරුවන් බේරා ගත නොහැකි බවත්, මත් ද්‍රව්‍යය භාවිත කරන පිරිස් මත්ද්‍රව්‍යය මිලදී ගැනීම සඳහා තම නිවෙස් වල ඇති භාණ්ඩ පවා සොරකම් කරන බවත් පවසා, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, අදාළ මත්ද්‍රව්‍යය ජාවාරම් සිදු කරන නිවසට ඉදිරිපිටදීම මෙලෙස තිම්මාගම ගම්වාසීන් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ,

මේ පවුල නිසා ගම විනාශ වෙලා තියෙන්නේ, අපේ මේ දරුවෝ රැක ගන්න ඔ්න නිසයි .අපේ කාලේ දැන් ඉවරයි. මේ මත්ද්‍රව්‍යය ජාවාරම නිසා හොරකම් සිදු වෙනවා.ගෙවල් වල වතුර මෝටර් වලින් උදේට වතුර ගහලා හවසට වතුර මෝටරය ගේ ඇතුළට ගන්න වෙලා තියෙනවා.අපිට පහළ පරම්පරාව 80% ක් විනාශ වෙලා තියෙන්නේ.අපි කියන්නේ නීතියෙන් මේවාට කටයුතු කරන්න කියලා.කාන්තාවක් විසින් මේ මත්ද්‍රව්‍යය ජාවාරම් කරන්නේ, එක පවුලක් තමයි මේවා කරන්නේ. මේ අය බන්ධනාගාර ගත කළත් හදන්න බෑ, පොලීසියත් නීතිය ක්‍රියාත්මක කළත් මේ අය මේක නවත්වන්නේ නෑ.මේ අය මේක නවත්වන්නේ නැත්නම් ඉස්සරහට අපි මේවා බොන්න ගමට එන අයට ගහලා මරළා අපිත් හිරේ යන්න හරි එනවා, දැනුත් මේ අයගේ පවුලේ කෙනෙක් පොලීසියෙන් අරන් ගියා.හොඳට අත-පය තියෙන මිනිස්සු රස්සාවක් නොකර අරක්කු, ගංජා, කුඩු විකුණනවා.මේ ගමේ දරුවෝ කුඩු ගහනවා ,කොණ්ඩ පාට කර ගෙන, පච්ච ගහගෙන ඉන්නේ ගමේ කොල්ලෝ.ගමේ රෑකට ළමයින්ගේ භක්ති ගීත සංදර්ශනයක්, නාට්‍යයක් පෙන්වන්න බෑ පොලීසියෙන් අවසර දෙන්‌නේ නෑ මේ ගමේ මත්ද්‍රව්‍යය ජාවාරම් සිදු වෙන නිසා, අපේ දරුවෝ අසරණ වෙලා ඉන්නේ යනුවෙන් පැවසීය.

එම ස්ථානයට එප්පාවල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක, ටී.ඩී.එස්.පී.කේ ජයතිලක, රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.එම් දමිත් කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු නිළධාරින් පැමිණි අතර, පොලිස් පරීක්ෂක, ටී.ඩී.එස්.පී.කේ ජයතිලක විරෝධතාකරුවන්ට කියා සිටියේ,

මේ පුද්ගලයින්ට මේවායේ අදීනව කියලා දීලා, නඩු දාලා තියෙනවා. නවත්තන්නේ නැති එක තමයි ප්‍රශ්නය.මේ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන 22 වතාවක් අධිකරණයට ඉදිරිපත් කරලා දැඩි සේ අවවාද කරලා තියෙනවා. ජීවත් වෙන්න ආදායම් මාර්ග නැතිව නෙමෙයි.ඒ මාර්ග කියලා දුන්නා.ඒත් මේ පුද්ගලයෝ හැදෙන්නේ නෑ.අපිට මේ ගෙවල් වලට පොලීසියෙන් දාලා තියන්න බෑ.ඔයාලා තොරතුරු ලබා දෙන්න අපි වැටලීම් කරලා අත්අඩංගුවට ගන්නම්.ඔයාලා භය වෙන්න එපා.පොලීසියේ විශ්වාසවන්ත නිළධාරියකුට තොරතුරු ලබා දෙන්න.භය නැතිව තොරතුරු දෙන්න.දරුවෝ ඉස්සරහාට දාලා උද්ඝෝෂණ කරන්න එපා.මෙතනැත් ඇති ස්වාමීයා ගිහින් මේ මත්ද්‍රව්‍යය පාවිච්චි කරන අයගේ බිරින්දෑවරු, තොරතුරක් ලැබුණොත් පොලීස් ස්ථාන‌යේ දුරකථන අංකයට හෝ පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ අංකයට ලබා දෙන්න.ඔයාලාගේ තොරතුරු නැතව අපිට අපරාධකරුවෝ අත්අඩංගුවට ගන්න බෑ.පොලීසි කටයුතු කරන්නේ තොරතුරු හරහා,ඒ නිසා භය නැතිව තොරතුරු දෙන්න.මෙහෙම එකතු වීම හොඳයි, නමුත් මේවා ගම්වල සිද්ධ වෙන්න ඔ්න දේවල් නෙමෙයි.ළමයින්ගේ වැඩසටහන් තියන්න, ඒවාට සහය දෙන්න, ආරක්ෂාව දෙන්න පොලීසිය ඉන්නවා.ගමේ පුද්ගලයොත් ඉන්නවා මේ වැඩ වලට උදව් කරන.මේ ගමේ මළ ගෙයක්, මඟුල් ගෙයක් වෙන්න බෑ, ගම වටේ ගියොත් කසිප්පු පැකට් කීයක් තියෙනවාද බලන්න, මම දැකපු වැඩිම කසිප්පු තියෙන ප්‍රදේශයක් මේක.අපි මේ ගැන බලන්නම්.අපි මෙතන ඩියුටියක් හරි දානවා.අපිට මේ එකතු වුණා වගේම එදාට සහයෝගය දෙන්න.කවුරු හරි පොලිස් නිළධාරියෙක් මේ ජාවාරම් වලට සම්බන්ධයි නම්, සහය දෙනවා නම් ඒකත් අපිට කියන්න. ඒ අයටත් තරාතිරම නොබලා දඩුවම් කරන්නම්.මත්ද්‍රව්‍යය මේ ගමෙන් නැති කරමු යනුවෙන් පැවසීය.

ඒ අනුව විරෝධතාවයේ නිරත බාල මහළු සැවොම අත්පොළ සන් දුන් අතර කුඩා දරුවන් එම ස්ථානයට පැමිණි පොලිස් නිළදධාරීන්ට වැඳ විරෝධතාවය අවසන් කළහ.

මත්ද්‍රව්‍යය ජවාරම්කරුවන්ගේ නිවස් අසලට නොයන ලෙසත්,ඔවුන් සමඟ ගැටුම් ඇති නොකර ගන්නා ලෙසත්, සාමකාමීව එම ස්ථානයෙන් ඉවත් වන ලෙසත් විරෝධතාකරුවන්ගෙන් පොලීසිය ඉල්ලා සිටියහ.

මෙම මත්ද්‍රව්‍යය ජවාරමට සම්බන්ධ බව පැවසෙන කාන්තාව ඇතුළු පවුලේ පිරිස් අවස්ථා 22 කට වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍යය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, අද (19) දිනද එම පවුලේ පුද්ගලයකු මත්ද්‍රව්‍යය සමඟ අත්අඩංගුවට ගත් බවත් එප්පාවල පොලීසිය පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කරනවා – ජනපති

Next Post

පොල්පිටිය ‍මාර්ගය අවට සරුංගල් යැවීමෙන් වළකින්න – ලංකා විදුලි බල මණ්ඩලය

editor

editor

Next Post

පොල්පිටිය ‍මාර්ගය අවට සරුංගල් යැවීමෙන් වළකින්න - ලංකා විදුලි බල මණ්ඩලය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
සියලු පුරවැසියන්ට  මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

සියලු පුරවැසියන්ට මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි – හරිනි

8 July 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

බලන් යද්දී ඔක්කොම කපුටාස් ලා (VIDEO)

8 July 2025
ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

ජීවන තත්වය උසස් කරන ග්‍රහයෝගය ගැන ඇසෙන විශේෂ කතාව

8 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved