දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රධානතම ප්‍රමුඛතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී අද (13) ආරම්භ වූ ‘INCO 2026’ කාර්මික ප්‍රදර්ශනය විවෘත කිරීමේ නිල උත්සවයට එක්වෙමිනි. ශ්‍රී ලංකා වෘත්තීය ඉංජිනේරු ආයතනය (IIESL) මගින් 20 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මාර්තු 15 වැනිදා දක්වා පැවැත්වේ.
[Image showing Prime Minister Harini Amarasuriya exploring innovative engineering solutions at the INCO 2026 exhibition booths]
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ රටක් මුහුණ දෙන ප්‍රායෝගික අභියෝග ජය ගැනීමට සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉංජිනේරු ක්ෂේත්‍රය සෘජුව දායක වන බවයි. කර්මාන්ත සංවර්ධනය වේගවත් කිරීම සඳහා රජය දැනටමත් පියවර රැසක් ගෙන ඇති අතර, ඒ යටතේ ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය (NIIS) හරහා දත්ත එක්රැස් කිරීමේ ඩිජිටල් වේදිකාවක් සහ ‘ප්‍රතිාවර්තන අරමුදල්’ (Revolving Funds) මගින් කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබා දීමට කටයුතු කරමින් සිටින බව ඇය සඳහන් කළාය. මෙවර ප්‍රදර්ශනය සඳහා විදේශීය නියෝජනයක් ද පවතින බැවින් දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර තාක්ෂණය සහ වෙළඳපොළවල් පිළිබඳ අත්දැකීම් ලැබෙනු ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ, ජාතික කඩදාසි සමාගමේ සභාපති උපාලි රත්නායක යන මහත්වරුන් ඇතුළු දෙස් විදෙස් ආයෝජකයින් සහ ව්‍යවසායකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.













