• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බැංකු පොලී ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහන සලසවන්න – මහබැංකු අධිපති

18 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සදහා අය කරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ ශෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 16 වනදා පාර්ලිමේන්තුවේ, මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙහිදී මහබැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කොට යම් සහන කාලයක් සදහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකිබවයි. ඒපිළිබදව බැංකුවලට උපදෙස් මේ වන විට ලබා දී ඇති බවත් මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම මීට මාස දෙකකට පෙර 70%ක අගයක පැවති සාමාන්‍ය උද්ධමනය මේවන විට 66% දක්වා අඩුවී ඇති බවත් 95% ක පැවති ආහාර උද්ධමනය 85% දක්වා අඩුවී ඇති බවත් මහබැංකු අධිපතිවරයා පැවසීය. ඒඅනුව පවතින මූල්‍ය ප්‍රතිපත්ති සමග මෙම අගය ලබන වසර අගවන විට 4 – 5% අගයකට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව මහබැංකුව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම සදහා නව පනතක් මේ වන කෙටුම්පත් කර අවශ්‍ය කටයුතු සිදුකරන බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය..

එසේම බැංකු මගින් ඩොලර් රුපියල්වලට මාරු කිරීමේදී සිදුවන අපහසුතා පිළිබදවද කාරක සභාවේදී අවධානය යොමුවිය. මේපිළිබදව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහබැංකු අධිපතිවරයාගෙන් විමසා සිටි අතර එසේ ප්‍රමාදයන් වීමට හේතුවන කිසිදු උපදෙසක් මහබැංකුව ලබා දී නොමැති බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය. මේ අනුව ඒ පිළිබදව සොයා බලා අවශ්‍ය උපදෙස් බැංකුවලට ලබා දෙන ලෙස අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ වාර්තාවකට අනුව ආයතන 126 කින් 22 ක් අවුරුදු 5කට වැඩි ප්‍රමාණයක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද ඇතැම් වාර්ෂික වාර්තා ලබා දීම වසර 7 ක් පමණ ප්‍රමාද කර ඇති ආයතන පවතින බව ද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී පැවසීය. මේ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන බැවින්ද නියමිත කාලය තුළ වාර්ෂික වාර්තා භාරදීම පිළිබද ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන ජගත් කුමාර සුමිත්‍රාරච්චි, සහන් ප්‍රදීප් විතාන යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශයීය සහ ඒ යටතේ ඇති ආයතනවල නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

Banks have been instructed to provide relief to those affected by the increase in bank interest rates for the loans taken – Governor of the Central Bank of Sri Lanka tells in Parliament.

 

The Governor of the Central Bank of Sri Lanka Dr. P. Nandalal Weerasinghe stated in Parliament that customers who have been inconvenienced due to the increase in the interest rates charged for the loans obtained under variable interest rates in the past is able to get relief by negotiating with the bank.

The Governor stated this when Parliamentarians inquired regarding the aforesaid at the Ministerial Consultative Committee on Finance, Economic Stabilization and National Policies held yesterday (16) in Parliament chaired by the State Ministers of Finance Hon. Ranjith Siyambalapitiya and Hon. Shehan Semasinghe.

The Members of Parliament pointed out that due to the increase in interest rates, the entire income of some creditors has to be paid for loan installments. The CBSL Governor said that customers can pay only the relevant interest for a grace period in consultation with the bank. He further added that instructions have been given to the banks in this regard.

Also, the CBSL Governor said that the average inflation which was at a value of 70% two months ago has now decreased to 66% and the food inflation which was at 95% has decreased to 85%. He further stated that with the existing fiscal policies, this figure is expected to reach 4-5% by the end of next year. Furthermore, according to the conditions of the International Monetary Fund, a new act has been drafted to make the Central Bank an independent institution and the necessary work is being done, the CBSL Governor added.

Furthermore, the committee drew attention to the difficulty in exchanging dollars to rupees by banks. State Ministers of Finance Hon. Ranjith Siyambalapitiya asked the CBSL Governor regarding the stated issue to which the Governor responded saying that the Central Bank has not given any advice that would cause such delays.

State Minister Hon. Shehan Semasinghe also said that according to a report of the Department of Public Enterprises, 22 out of 126 institutions have not submitted their annual reports for more than 5 years and some institutions have delayed the submission of annual reports for about 7 years. Accordingly, the State Minister said that since he will be working with the International Monetary Fund in the future, he instructed the heads of the institutions to submit the annual reports within the stipulated time.

Hon. Sajith Premadasa, Leader of the Opposition, Members of the Committee Hon. Jagath Kumara Sumithraarachchi, Hon. Sahan Pradeep Withana and Parliamentarians Secretary to the Treasury/Ministry of Finance, Economic Stabilization and National Policies. Mr. K M Mahinda Siriwardana, officials representing the Ministry and institutions affiliated to it were present at the Committee meeting held.

Post Views: 0
Previous Post

74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් – සුනිල් හඳුන්නෙත්ති

Next Post

ඇමෙරිකානු පාර්ලිමේන්තු කථානායක නැන්සි සිය ධුරයෙන් ඉවත් වෙයි

editor

editor

Next Post

ඇමෙරිකානු පාර්ලිමේන්තු කථානායක නැන්සි සිය ධුරයෙන් ඉවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved