සියලු අභිමතාර්ථ සඳහා වත්මන් පරපුර සූදානම් කිරීම ජාතික අවශ්‍යතාවයකි.
තිරසාර බෝග වගාව සහ පරිසරය සුරක්ෂිත කිරීම, පස සහ සියලුම ජීවීන් සුරක්ෂිත කිරීම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කෘෂිකර්ම සැලසුම් පාම් ඔයිල් වගාව සඳහා වර්තමානයේ දී වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක් වන අතර කටු පොල් වගාවද ස්වභාවික වගාවක් වන අතර එයින් පාරිසරික තිරසාර කළමනාකරණයට හානියක් ඇති කිරීමේ අඩු ප්‍රවණතාවක් පවතී.
පාම් තෙල් යනු බහු බහුකාර්ය අමුද්‍රව්‍යයක් වන අතර වෙළෙඳපොළේ පවතින විවිධ නිෂ්පාදන අවශ්‍යතා වලින් වැඩි ප්‍රමාණයක් නිපදවා ඇත්තේ මෙහි තෙල් පාම් තෙල් උපයෝගී කරගෙනයි. බිස්කට්, රස කැවිලි, සුවඳ විලවුන් පවිත්‍රකාරක ඒ අතර ප්‍රධාන තැනක් ගනී. මෙම වගාව සලකනු ලබන්නේ වැඩිම තෙල් අස්වැන්නක් ලබාදෙන වගාවක් ලෙසත්, සූරියකාන්ත, රටකජු, සෝයා, බෝංචි වගාවන්ට සාපේක්ෂව වැඩි තෙල් අස්වැන්නක් ලබාදෙයි.
එසේම වාර්ෂිකව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛාද්‍ය තෙල් විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර එමගින් මෙරට මුදල් විශාල ලෙස වෙනත් රටවලට ඇදී යනු ලබන අතර මෙරට තුළ කාබනික පාම් ඔයිල් වගාව ප්‍රචලිත කර එය වගා කිරීම තුළින් එම විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමේ හැකියාව පවතී. පාම් ඔයිල් වගාවේ කිසිදු අතුරු ඵලයක් අපතේ නොයෑම දක්නට ලැබෙන අතර එය තිරසාර වගා ක්‍රමයේ එක් අංගයකි. එනම් තෙල් නිෂ්පාදනයෙන් පසුව ඉදිරි ඉතිරිවන අපද්‍රව්‍ය (POME) පාම් ඔයිල් වගාව සඳහා කාබනික ද්‍රව්‍යයක් ලෙස යොදා යොදා ගනිමින් පවතින අතර මෙම කාබනික පාම් ඔයිල් නිපදවා ගැනීමේ අවධානය පැතිරෙමින් පවතී.
එනම් පාම් තෙල් නිස්සාරණය කර ඉතිරි වන ද්‍රව්‍ය කාබනික පොහොරක් ලෙස යොදා ගත හැක. මෙය කොකෝවා, කෝපි වැනි දිගු කාලීන බෝග සඳහා අන්නාසි,කෙසෙල්, ඉඟුරු, කහ ආදි කෙටි කාලීන බෝග සඳහා යොදා ගැනීම තුළින් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබාදෙන බව තහවුරු කර ඇත.
තෙල් නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරි වන මෙම ද්‍රව්‍යයන්හි නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, සහ කෘෂි මූල ද්‍රව්‍යයන් වන මැග්නීසියම්, සල්ෆර්, කැල්සියම්, කොපර්, යකඩ යන සංඝටක වගාවට ලබාදීමේ හැකියාව පවතී.
දැනට ලොව විවිධ ස්ථානයන්හි මේවා කාබනික දියර පොහොර ලෙස යොදාගනිමින් පවතී. මෙවැනි අත්හදා බැලීම් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය හා එක්ව බණ්ඩක්කා සහ කන්කුන් වගාව සඳහා සාර්ථකව යොදා ගෙන ඇත.
ඒසේම රුහුණු විශ්ව විශ්ව විද්‍යාලය කෘෂි විද්‍යා පීඨ සහ ඇල්පිටිය වැවිලි සමාගම ඒකාබද්ධව සිදු කරගෙන යනු ලබන පර්යේෂණයකින් 100% කාබනික ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන පාම් තෙල් වගාවෙන් වැඩි අස්වැන්නක් නිර්දේශිත රසායනික පොහොර යෙදූ වගාවට වඩා වැඩියෙන් ලැබී තිබේ. එනම් කාබනික ද්‍රව්‍ය යොදා වගා කර ගනු ලැබූ වගාවේ එක් කටු පොල් වල්ලක (Bunch) වැඩි බරක් (42KG) සහ විශාල ඵල (Fruits) (39%) ඇති වන බවට දත්ත ලැබී තිබේ. එසේම 100% කාබනික වගාවේ සහ (100%) රසායනික පොහොර යොදා වගා කරනු ලබන ඵලයන්හි (Fruits) තෙල් ප්‍රතිශතයක් සංසන්දනය කරනු ලබන පර්යේෂණ කටයුතු දැනට සිදු කරමින් පවතී.
එසේම පාම් තෙල් වගාවේ අස්වැන්න ලෙස ගනු ලබන්නේ එහි ඵලය වන අතර (Fruit ) අනෙකුත් සියලු දේ (අතු,මල්,හනසු,තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරිවන ද්‍රව්‍ය (POME) කටු පොල් ශාකයට හෝ එම වගාවට යොදා ගැනීම වැඩි විභවයක් පවතී.
මේ අනුව බලන විට පාම් තෙල් වගාව ක්ෂේත්‍රයෙන් අස්වැන්න ලෙස ඉවත් වන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අල්ප වන අතර මෙය තිරසාර වගා පද්ධතියක මූලික ලක්ෂණයක් වන්නේ ය. එසේ ම තිරසාර වගාවේ තවත් එක් පැතිකඩක් වන්නේ රටේ සාමාජීය දියුණුව නංවාලීම. එසේම මෙරට ස්ථාපිතව ඇති වෙනත් වැවිලි බෝග යන්ට සාපේක්ෂව වැඩි වැටුප් ලබා ගැනීමේ හැකියාව සේවයේ නිරත වන්නන්ට ලැබී තිබේ.
උදා: රබර් වගාවේ නියැලෙන සේවක මහතුන්ට අනුව කටු පොල් වගාවේ යෙදෙන සේවක මහතුන් රබර් වගාවේ නියැලෙන්නන්ට වඩා තුන් ගුණයක් වැඩි වැටුප් ආදායමක් ලබන බවත් එමගින් ඔවුන්ගේ සාමාජීය මට්ටම ඉහළ ගොස් ඇති බවත් දැනටමත් සටහන් කරනු ලබයි.
මේ අනුව බලන විට කාබනික කටු කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමෙන් මෙරට ආර්ථික / සාමාජීය වශයෙන් ඉහළ නැංවීමේ වැඩි විභවයක් පවතී.
පිටපත
ආචාර්ය : අයි.ආර්.පලිහක්කාර – රුහුණ විශ්ව විද්යාල කෘෂි පීඨය
ඩී.යූ.එච්.බුලුගහපිටිය – ඇල්පිටිය වැවිලි සමාගම