දශක ගණනාවක් පුරා ඉන්දියාවේ ක්‍රියාත්මක වූ පවුල් සැලසුම් ක්‍රමවේදයෙන් බැහැරව, ජනගහනය වර්ධනය කිරීම අරමුණු කරගත් නව “ජනගහන කළමනාකරණ ප්‍රතිපත්තියක්” ආන්ධ්‍ර ප්‍රදේශ් මහඇමති එන්. චන්ද්‍රබාබු නායිදු මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ප්‍රාන්තයේ සාරවත්භාවය (Fertility Rate) වේගයෙන් පහත වැටීම හේතුවෙන් අනාගතයේදී ඇතිවිය හැකි මානව සම්පත් හිඟය මඟහරවා ගැනීම මෙම පියවරෙහි ප්‍රධාන අරමුණ වී ඇත.
මහඇමතිවරයා පෙන්වා දෙන්නේ 1993 වසරේ 3.0 ක් ලෙස පැවති ප්‍රාන්තයේ සාරවත්භාවය මේ වන විට 1.5 දක්වා අඩුවී ඇති අතර, ජනගහන සමතුලිතතාවය පවත්වා ගැනීමට එය අවම වශයෙන් 2.1 මට්ටමේ පැවතිය යුතු බවයි. දකුණු ඉන්දියාවේ ජනගහනය අඩුවීම නිසා ඉදිරියේදී ඉන්දීය පාර්ලිමේන්තුව තුළ එම ප්‍රාන්තවලට හිමි නියෝජනය අඩුවීමේ අවදානමක් ද පවතින බැවින්, වැඩිපුර දරුවන් සිටින පවුල් දිරිමත් කිරීමට රජය සැලසුම් කර තිබේ. “ජනතාව යනු අපගේ ශක්තියයි, එය ආර්ථික සම්පතක්” ලෙස හඳුන්වන මහඇමතිවරයා අනාගත ආර්ථික පසුබෑම වැළැක්වීමට මෙම තීරණය අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.














