2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයේ ඉන්දියාව සහ එංගලන්තය අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත නායක හැරී බෲක් (Harry Brook) සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. සූරියකුමාර් යාදව්ගේ (Suryakumar Yadav) නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම මේ අනුව පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසීමට නියමිතය.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා (මාර්තු 08) අහමදාබාද්හි පැවැත්වෙන අවසන් මහා තරගයේදී නවසීලන්තය සමඟ තරග වැදීමට සුදුසුකම් ලබනු ඇත. ඊයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකාව පරදා නවසීලන්තය ජයග්‍රහණය කළේය. වන්කඩේ තණතීරුව පිතිකරුවන්ට හිතකර සහ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත හැකි එකක් බැවින් ඉන්දියාව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.














