ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු මහත්මිය අද (27) රාජස්ථානයේ ජයිසාල්මර් දිස්ත්‍රික්කයට අයත් ඉන්දු-පාකිස්තාන දේශ සීමා ප්‍රදේශයේදී ‘ප්‍රචාන්ඩ්’ (Prachand) සැහැල්ලු ප්‍රහාරක හෙලිකොප්ටරයක සහාය ගුවන් නියමුවරිය ලෙස ගුවන් ගමනකට එක් වූවාය. ජයිසාල්මර් ඉන්දීය ගුවන් හමුදා කඳවුරෙන් ආරම්භ වූ මෙම ගුවන් ගමනට පෙර, ගුවන් යානයේ කපිතාන්වරයා විසින් ජනාධිපතිනිය වෙත විශේෂ තාක්ෂණික උපදෙස් මාලාවක් ලබා දෙන ලදී. ඉන්දීය ආරක්ෂක හමුදාවන්හි ප්‍රධාන ආඥාපතිනිය ලෙස ඇය මෙලෙස දේශසීමා ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කරමින් හමුදාවේ ධෛර්යය ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.














