• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ සහන පැකේජයෙන් එලියට විසි වූ අවිධිමත් අංශයේ කම්කරුවා!

13 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ දිනවල බැලූ බැලූ අත පෝළිම් ය. ඒ බව අපට මාධ්‍යයෙන් සහ හැබැහින් දැකගන්න පුළුවන් වගේ ම එක්කෝ කිරිපිටි නැත්නම් ගෑස් එහෙමත් නැත්තම් මෙකී නොකී ඕනෑ ම ජාතියක පෝලිම්කරුවෙකුව අපට ඒ අත්දැකීම විඳගන්න පුළුවන්.

මේ වන විට ඔබත් මේ අත්දැකීම විඳලා ඇති. මේ පෝලිම් ඇතිවෙන්න හේතුව මොකක් ද කියලා ඔබ දැනටමත් දැනුවත්. එකී දැනුවත්භාවයේ සාරාංශය නම් මේ වන විට රට ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ගොස් ඇති බවයි. එකී අර්බුදයේ පුපුරා යාමේ ආරම්භය; මෙ අයුරින්, කසකරුවන් පෙරහැර එන බව සන් කරන්නා සේ රට පුරා මතු වුණු පෝළිම් වලින් කියයි.

මෙතරම් ආර්ථිකමය අර්බුදයකට රට තල්ලු වී ඇති මොහොතක පසුගිය 04 වන දා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රජය විසින් රුපියල් කෝටි 22 900ක සහන පැකේජයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත්, එමගින් රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන්, ආබාධිත රණවිරුවන්, සමෘද්ධි ලාභීන්, ගොවි ජනතාව හා වතු කම්කරුවන් යන පිරිස් ආවරණය වන බවත් ය. නමුත් මෙම සහන පැකේජය යටතේ රුපියල් 5000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ට ලබා දෙන බව සඳහන් වුවත් රජයේ සේවකයාගේ අතට පන්දහස ලැබෙන තුරු එය ද විශ්වාසයක් නැත.”පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම රුපියල් 5,000 දීමනාව ලබාදීමට අවශ්‍ය නීතිරීති දැන් සකස් වෙමින් පවතී” යනුවෙන් කම්කරු අමාත්‍යවරයා කියා තිබුණි.නමුත් කිසිදු වගකිවයුත්තෙක් විසින් අවිධිමත් අංශයේ කම්කරුවන්ට මෙම සහන පැකේජයෙන් සහන ලැබෙන ආකාරයක් පිළිබඳ සඳහනක් නොකරන්නේ, එහි ප්‍රතිලාභ අවිධිමත් අංශයේ කම්කරුවන්ට නොලැබෙන නිසා ද? යන්න ප්‍රශ්නයකි. එවැනි තත්ත්වයක් තුළ මේ වන විටත් ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින එදා වේළ හම්බ කරගන්නා පිරිස් තව තවත් පීඩාවට ලක් වෙනවා නොවේ ද?

වර්තමානයේ ශ්‍රී ලංකාව පසු වන්නේ ආර්ථිකමය වශයෙන් ඉතාම අසීරු අඩියකයි. එය මුලු ලොව ම දන්නා නීරස සත්‍යයකි. එහි අවසානය රට බංකොලොත් වීමෙන් හමාර වන බව දැනටමත් අනාවැකි පල වී තිබේ. එවැනි තත්ත්වයක මෙවැනි සහන පැකේජයක් ලබා දීම තුළ ආර්ථිකමය වශයෙන් රටට ඇති කරන හානිදායක තත්ත්වය පිළිබඳ මොළ හතකින් ලොව දකින මුදල් අමාත්‍යවරයාට නොපෙනීම කණගාටුවට කරුණකි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති 9.9% අගයෙහි සිට දෙසැම්බර් මාසය වන විට 12.1% ක අගයක් දක්වා ඉහළ ගොස් ඇත. මුදල් අමාත්‍යවරයාගේ රුපියල් කෝටි 22 900ක සහන පැකේජය ආර්ථිකය තුළට ඇතුළු වීමෙන් උද්ධමනය මීට වඩා සංඛ්‍යාත්මක අගයෙන් ඉහළ යනවා මෙන් ම ජනතාවගේ පොකැට්ටුවට කරන පීඩනයෙන් ද ඉහළ යන්නේය.

මෙවැනි තත්ත්වයක් තුළ අසූ ලක්ෂයක් වූ මෙරට වැඩකරන ජනතාවක් අතුරින් ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයන් අතර පමණක් මෙම රුපියල් කෝටි 22 900 බෙදී ගිය විට ලක්ෂ 65ක් වූ පුද්ගලික අංශයේ විධිමත් සහ අවිධිමත් කම්කරුවන් වෙත ඇති කරනු ලබන ආර්ථික බලපෑම සුළු පටු එකක් නොවෙයි. එයිනුත් අවිධිමත් අංශයේ කම්කරුවා පීඩාවෙනුත් පීඩාවට පත් කරයි.

මෙවැනි තත්ත්වයක් ඇති වීම ඉබේ සිදු වන්නක් නොවේ. මෙය දැනුවත් ක්‍රියාවලියකි. මන්ද මෙතරම් ආර්ථික අර්බුදයකට රජය සහ ජනතාව තල්ලු වී ඇති මොහොතක ආණ්ඩුව විසින් මෙවැනි සහන පැකේජයක් ලබා දීම තුළින් පෙනී යන්නේ ආණ්ඩුවට ඇත්තේ මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමේ වුවමනාවක් නොව ආණ්ඩුව මුහුණ පා සිටින දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමේ ආත්මාර්තකාමී වුවමනාවක් බව පැහැදිලිය. ඒ සඳහා ඔවුන් බිල්ලට දෙන්නේ මෙරට ආර්ථිකය වගේ ම වැඩකරන ජනතාවයි. එබැවින් ආණ්ඩුවේ සහන පැකේජය හමුවේ ඇති කෙරෙන ආර්ථික ප්‍රසාරණය තුළ එදා වේල ඉපයීමෙන් ජීවත් වන කම්කරුවන්ගේ ජීවිතවලට ඇති කරන බලපෑමේ තරම ඉලක්කම්වලින් මැනිය හැක්කක් නොවන අතර එය සම්පූර්ණයෙන් ඔවුන්ගේ පවුලේ ආර්ථිකය කඩා බිඳ වැට්ටවීමකි. එබැවින් මෙය ආණ්ඩුවේ පැවැත්ම උදෙසා එදාවේල උපයාගෙන ජීවත් වන කම්කරුවා බිල්ලට දීමක් හැර අන් කිසිවක් නොවන බව පැහැදිලිය.

පිටපත -ප්‍රොටෙක්ට් සංගමය

 

 

அரசாங்கத்தின் நிவாரணப் பொதியிலிருந்து வௌியே தூக்கி எறியப்பட்டுள்ள முறையில்லாப் பிரிவின் தொழிலாளர்கள்

தற்போது எங்கு பார்த்தாலும் வரிசைகளாகவே காட்சியளிக்கின்றது. இது தொடர்பில் நாம் ஊடகங்களின் வாயிலாக அறிந்து கொள்ள முடிவதுடன் நேரடியாகவும் கண்டுகொள்ள முடிகின்றது. பால்மா வரிசை அல்லது சமையல் எரிவாயு வரிசை அல்லது வேறு பொருட்களுக்கான வரிசை என கண்டுகொள்ள முடிகின்றது. நீங்களும் கூட தற்சமயம் இது போன்ற வரிசையில் நின்ற அனுபவத்தினைக் கொண்டவராய் இருக்கலாம். இவ்வாறான வரிசைகள் ஏற்படுவதற்கு என்ன காரணம் என்று நீங்கள் தற்சமயம் நன்கு அறிந்திருப்பீர்கள். அதன் சுருக்கமான நிலைமை என்னவென்றால் தற்சமயம் நாடு பொருளாதார ரீதியாக பெரும் சிக்கலுக்குள்ளே போயுள்ளது என்பதாகும்.

இவ்வாறு பெரஹரவில் முன்னால் வரும் கசையடிப்பவர்கள் பெரஹர வருகின்றது என்று அனைவருக்கும் அறிவிப்பதனைப் போன்று நாடு முழுவதும் உருவாகியுள்ள வரிசைகள் மேற்குறித்த பிரச்சினையின் ஆரம்பத்தினை வௌிப்படுத்தியுள்ளன.

இந்தளவிற்கு பொருளாதாரச் சிக்கலுக்குள்ளே நாடு சென்றுள்ள சமயத்தில் கடந்த 04ம் திகதி நிதியமைச்சர் ஓர் அறிக்கையினை விடுத்தார். அதாவது, அரசாங்கம் 22 900 கோடி ரூபாய் நிவாரணப் பொதியை மக்களுக்குப் பெற்றுக் கொடுக்க நடவடிக்கை மேற்கொள்வதாகவும் அதன் மூலம் அரச ஊழியர்கள், ஓய்வூதியர்கள், அங்கவீன இராணுவ வீரர்கள், சமுர்த்தி பயனாளிகள், விவசாயிகள் மற்றும் பெருந்தோட்ட தொழிலாளர்கள் என அதில் உள்ளடங்குவதாகவேயாகும். ஆனாலும் இந்த ரூ. 5000/- கொடுப்பனவு அரச ஊழியர்களுக்கு வழங்கப்படுவதாக குறிப்பிடப்பட்டாலும் அரச ஊழியர்களின் கைகளில் அந்த ரூ. 5000/- கிடைக்கும் வரையிலும் அதனை நம்ப முடியாது. “தனியார் துறை ஊழியர்களுக்கும் இந்த ரூ. 5000/- கொடுப்பனவைப் பெற்றுக் கொடுப்பதற்குத் தேவையான சட்டதிட்டங்கள் தற்போது தயாரிக்கப்பட்டு வருகின்றது” என தொழில் அமைச்சர் தெரிவித்திருந்தார். ஆனாலும் பொறுப்பு வாய்ந்தவர்கள் யாரும் முறையில்லாப் பிரிவின் தொழிலாளர்களுக்கு இந்த நிவாரணப் பொதி கிடைக்கும் விதம் குறித்து தெரிவிக்காமல் இருப்பது அதன் பலன்கள் முறையில்லாப் பிரிவின் தொழிலாளர்களுக்கு கிடைக்காமையினாலா? என்பது கேள்விக்குறியாகும். அவ்வாறான நிலைமையில் தற்சமயத்திலும் பொருளாதார ரீதியான அழுத்தங்களில் சிக்கியுள்ள அன்றைய வயிற்றுப்பாட்டிற்காக உழைப்பவர்கள் மேலும் மேலும் அழுத்தங்களுக்கு உள்ளாக மாட்டார்களா?

தற்போது இலங்கை பொருளாதார ரீதியாக பெரும் கஷ்டமான நிலைமையிலேயே உள்ளது. அது முழு உலகமும் அறிந்த உண்மையாகும். அதன் முடிவு நாடு வங்குரோத்து நிலைமைக்கு உள்ளாவது என்று தற்சமயம் எதிர்வுகூறல்கள் வந்துள்ளன. அவ்வாறானதொரு நிலைமையில் இவ்வாறான நிவாரணப் பொதியொன்றை பெற்றுக் கொடுப்பதனால் பொருளாதார ரீதியாக நாட்டிற்கு நாட்டிற்கு ஏற்படுகின்ற பாதக நிலைமைகள் குறித்து ஏழு மூளைகளின் சக்தியினால் உலகைப் பார்க்கின்ற நிதியமைச்சருக்கு அது புரியாமை கவலைக்குரிய விடயமாகும்.

கொழும்பு நுகர்வோர் விலைச் சட்டெண்ணின் வருடாந்த மாற்றத்தின் மூலம் அளவிடப்படுகின்ற புற பணவீக்கம், 2021 நவம்பர் மாதம் இருந்த 9.9% பெறுமதியில் இருந்து டிசம்பர் மாதமாகும் போது 12.1% பெறுமதி வரை அதிகரித்துள்ளது. நிதியமைச்சரின் ரூ. 22 900 கோடி நிவாரணப் பொதியானது பொருளாதாரத்தினுள்ளே வருவதன் மூலம் பணவீக்கம் புள்ளிவிபர ரீதியாக இதனை விட உயர் பெறுமதியைக் கொள்ளும் அதே வேளை மக்களின் பைகளுக்கு ஏற்படும் அழுத்தங்களும் அதிகரிக்கும்.

இவ்வாறானதொரு நிலைமையில் என்பது இலட்சம் தொழில் புரியும் மக்களிடையே சுமார் பதினைந்து இலட்சம் அரச ஊழியர்களிடையே மாத்திரம் இந்த 22 900 கோடி ரூபாய் பகிர்ந்து சென்றால், அறுபத்தைந்து இலட்சம் அளவிலான தனியார் துறையின் முறையான, முறையில்லாப் பிரிவு தொழிலாளர்களுக்கு ஏற்படுகின்ற பொருளாதார அழுத்தங்கள் கொஞ்ச நஞ்சமல்ல. அதிலும் முறையில்லாப் பிரிவின் தொழிலாளர்களே அழுத்தங்களுக்கு மேல் அழுத்தங்களுக்கு உள்ளாவார்கள்.

இவ்வாறான நிலைமையானது தானே ஏற்படுவதில்லை. ஏனெனில் இந்தளவிற்கு பொருளாதாரச் சிக்கலுக்குள் அரசாங்கமும் மக்களும் உள்ளாகியுள்ள நிலைமையில் அரசாங்கம் இவ்வாறான நிவாரணப் பொதியை வழங்குவதிலிருந்து விளங்குவது யாதெனில், அரசாங்கத்திற்கு இந்த பொருளாதாரச் சிக்கலில் இருந்து விடுபட வேண்டிய தேவை இல்லையென்பதும், அரசாங்கம் முகங்கொடுத்துள்ள அரசியல் ரீதியான சிக்கலில் இருந்து விடுபட வேண்டிய தேவையே காணப்படுகின்றது என்பதும் ஆகும். அதற்காக அவர்கள் பலிகடாவாக்குவது இந்நாட்டின் பொருளாதாரத்ததையும் தொழிலாளர்களையுமே. அதனால் அரசாங்கத்தின் நிவாரணப் பொதியின் எதிரேயுள்ள கொரோனா விரிவாக்கத்தினுள்ளே அன்றாட வேளைக்காக உழைத்து அதில் வாழ்ந்து வருகின்ற தொழிலாளர்களின் வாழ்வில் ஏற்படுகின்ற அழுத்தங்களின் அளவை இலக்கங்களினால் அளவிட முடியாது என்பதுடன் அது முழுமையாக அவர்களின் குடும்பங்களின் பொருளாதாரத்தினை உடைத்து வீழ்த்துவதாகும். அதனால் இது இந்த அரசாங்கத்தின் இருப்பிற்காக அன்றாட வேளைக்காக உழைத்து வாழ்கின்ற தொழிலாளர்களை பலிகடாவாக ஆக்குவதே அன்றி வேறொன்றும் அல்ல என்பது தௌிவான விடயமாகும்.

Protect Union

Post Views: 2
Previous Post

දිවයින පුරා සුපිරි වෙළදැසල් කොල්ල කැ පාතාල කණ්ඩායමක හතරක් අල්ලයි

Next Post

ජනපති ලිට්රෝ ගෑස් පර්යන්තයේ නිරික්ෂණ චාරිකාවක..

editor

editor

Next Post

ජනපති ලිට්රෝ ගෑස් පර්යන්තයේ නිරික්ෂණ චාරිකාවක..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved