27 April 2024
#දේශීය

දිවයින පුරා සුපිරි වෙළදැසල් කොල්ල කැ පාතාල කණ්ඩායමක හතරක් අල්ලයි

දිවයින පුරා සුපිරි වෙළසද සැල් 30කට වැඩි ප්‍රමාණයක් කඩා දේපල කොල්ලකෑ පාතාල කල්ලියකු සාමාජිකයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.

මාතලේ සුපිරි වෙළසැලක් කොල්ල කැමේ සිද්ධියක් පිළිබදව විමර්ශනය කළ මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුවන් ඉකුත්දා තංගල්ල විරකැටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අංඩගුවට ගත් අය අතර පාතාල සමාජිකයකු බව කියන “විරකැටියේ කළුමල්ලි” යන අයද සිටින බවත් කල්ලියේ මහ මොළකරු විසින් සුපිරි වෙළදසැල් රැසක් මෙසේ කොල්ල කා ඇති බවද පොලිසිය කියයි.

සිද්ධියේ මහ මොළකරු වන පුද්ගලයා දිවයිනේ අපරාධ රැසකට සම්බන්ධ අයකු බවත් මොහුන් සොරකම් සදහා යොදා ගත් බව කියන සුඛෝපභෝගි වැන් රථයක්ද පොලිස් භාරයට ගත් බවද පොලිසිය කියයි.

සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

මාතලේ කොට්ඨාභය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ අධික්ෂණය මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප එස්.පි.එම් තිලකවර්ධන උ.පො.ප ඩබ්.ජි ඒකනායක,යන නිලධාරින් ඇතුලු පිරිසක් ‍සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෙම වැටලිම සිදු කළහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *