• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අහිංසක කාන්තාවෝ, දරුවෝ මිය යන්නේ මේ යුද්ධය නිසා – මන්ත්‍රී විමලවීර

18 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද වන විට මුළු ලෝකයේම මනුෂ්‍යකම දිනෙන් දින මැරෙමින් පවතින බවත් සහාසික යුද්ධයක් අවසන් කළ ජිවිත රැකදුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් මේ රටේ පිරිසක් මැරීමට තැත් කළ රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා, “මේ දිනවල සුවිශේෂි ප්‍රවෘත්තිය විදිහට සමාජයේ සාකච්ඡා වෙන්නේ පලස්තීනයේ සහ ඊශ්‍රාලය අතර ගැටුම. ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් ඊශ්‍රාලයේ ඉන්නවා. ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කරගන්න ඔවුන්ගේ පවුල්වල අය රටක් විදිහට ඒකට වගකිය යුතු අමාත්‍යාංශ, ආයතන වැඩකරමින් සිටිනවා. හැබැයි මේ යුද්ධයේ ගැටුම අපිට පාලනය කරගන්න බැහැ. එය අපේ පාලනයෙන් ඈත්වෙච්ච කාරණයක්. දින තුන, හතරක වතුර පොදක් නැතිව දරුවෝ, ජනතාව ගොඩනැගිලි යට මිය යනවා. හැබැයි යුද්ධය ආරම්භ වෙනකොට යුක්තියයි සත්‍යයි දෙකම මිය යනවා. මම මේ යුධ ගැටුමේ සාධාරණය කොයි පැත්තේද කියලා කතා කරන්නේ නැහැ. නමුත් මුළු ලෝකයේම මනුෂ්‍යකම දිනෙන් දින මැරෙමින් තිබෙනවා. ඒ නිසා අහිංසක දරුවෝ, අහිංසක කාන්තාවෝ දසදහස් ගණන් කවුරුන් හෝ ගන්නා තීන්දුවක් නිසා අකාලයේ මිය යනවා. 1997 අම්පාර දිස්ත්‍රික්කයේ ගෝනගල ගමට එල්.ටි.ටි.ඊ ප්‍රහාරය එල්ල කරපු අවස්ථාවේ දරුවෝ 28 දෙනෙක් මරලා තිබුණා. ඊශ්‍රාලයේත් පලස්තීනයෙ මැරුණත්, යුක්රේනයේ රුසියාවේ මැරුණත්, ශ්‍රී ලංකාවේ කොතැනක මැරුණත් මේ අහිංසක කාන්තාවෝ, දරුවෝ මිය යන්නේ මේ යුද්ධය නිසා. ඒ කෘෘරත්වය නිසා. එදා ගෝනගල ගමේත් මළමිනි 52 ක් එකවර වැල්ලුවා. ඒ ඇඩිල්ල මුහුද ගොඩගලනවා වගේ. හැබැයි ඒ සහාසික යුද්ධය අවසන් කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාව මරන්න හෙව්වා මේ රටේ පිරිසක්. මිනිස්සුන්ගේ ජිවිත බෙරපු නායකයාව මරන්න හෙව්ව රටක් මේක. ඒ නිසා මනුෂ්‍යකමේ අර්බුදයක් අද තිබෙනවා. ආර්ථික අර්බුදයට ඉහවහා ගිය ප්‍රශ්නයක් තිබෙන්නේ ශ්‍රී ලංකා භූමියේ මනුෂ්‍යකමේ අර්බුදය. අපි එය දැක්කා පහුගිය දවස්වල ජැක්සන් ඇන්තනි නම් ඒ උදාර විශිෂ්ට කලාකරුවා වාහනය අනතුරට පත්වුණ අවස්ථාවේ සහ මිය ගිය අවස්ථාවේදී. සමාජ මාධ්‍ය ජාලාවල තිබ්බා අලියාට මොකද වුණේ කියලා බලන්න? ජැක්සන්ට ඇඳක් වෙන් කෙරුවෙ ඇයි කියලා කියන්න? කොහෙටද මේ රට ගමන් කරමින් සිටින්නේ. ඒ නිසා මේ මනුෂ්‍යත්වයේ ඛේදවාචකය තමයි තිබෙන්නේ. අසන්වේදී, අකාරුණික, අනුන්ගේ දුකේදි ඇහැට කදුලක් නොඑන අපේ මිනිස් කැලක් දැන් මේ රටේ අධ්‍යාපනය හදමින් ඉන්නවා. මේ දවස්වල කතා වෙනවා මැතිවරණය කල්දාන්න හදනවා කියලා. අපේ පක්ෂයේ නිල ප්‍රකාශනයක් කරා අපි මැතිවරණය කල්දාන ඒවට උදව් කරන්නේ නැහැ කියලා. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද අරගෙන තිබෙනවා හැටඅට ලක්ෂ පනස් තුන්දහස් හයසිය අනු තුනක්. අපි සාමාන්‍ය වශයෙන් අන්තිම මැතිවරණයේදී පොහොට්ටුව අරගෙන තිබෙනවා ජාතික ජනබලවේගයට වැඩිය ඡන්ද හැට තුන් ලක්ෂයක්. ඒ අය මේ රටේ ජනතාව අන්ද කරලා හිතෙනවා දැන් පුළුවන් ඔවුන්ට දිනන්න කියලා. මේ සිහින ලෝකය, මේ මිත්‍යා දේශපාලනය සමාජගත කරමින් ඉන්නවා ඔවුන් තමයි දිනන්නේ කියලා. මේ දිනවල අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ රටේ ශාඛා සංවිධාන පිහිටුවීම නැවත ආරම්භ කරලා තිබෙනවා. දැන් අපි මේ පක්ෂය පිහිටුවන්න 2016 කටයුතු කරනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක ශාඛාවක් පිහිටුවන්න මම ගිහිල්ලා තිබෙනවා කිලෝ මීටර් 600 ක්. අද හැබැයි අපි එච්චර මහන්සිවෙන්නේ නැතිව මේ ශාඛා පිහිටුවනවා. ගිය අවුරුද්දේ මැයි 09 දා ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමී ත්‍රස්තවාදී විද්වත්තු ඔක්කෝම එකතුවෙලා බොරැල්ල කනත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පෙටිටියේ ඇන ගහලා වැලලුවා. අවතාරද අපි මේ? මම අම්පාරේ ජනතාවට මේ දවස් ටිකකට අඩුම තරමින් 3000 ට කතා කරලා තිබෙනවා. මම ඇහුව්වේ එකයි, ඔබ පාරට බැහැලා ඇවිදින පාර හැදුවේ, ලයිට් අරන් දුන්නේ, හුස්ම ගන්න රටක් නිර්මාණය කළේ කවුද කියලා. එවිට මිනිස්සු කිව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. කවුරුත් කියන්නේ නැහැ අනුර කුමාර, සජිත් කියලා. ”යනුවෙන් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 0
Previous Post

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය යටතේ රෝගීන් ලක්ෂ අනූ පහක් ලියාපදිංචි වෙයි

Next Post

IMF දෙවැනි වාරිකය නුදුරේදීම ලැබෙයි – වැඩ බලන මුදල් අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

IMF දෙවැනි වාරිකය නුදුරේදීම ලැබෙයි - වැඩ බලන මුදල් අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved