27 April 2024
#දේශීය

IMF දෙවැනි වාරිකය නුදුරේදීම ලැබෙයි – වැඩ බලන මුදල් අමාත්‍ය සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය යෝජනා ක්‍රමයේ දෙවැනි වාරිකය නුදුරේ දී ම ලැබෙනු ඇතැයි වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා වන සාකච්ඡා ඉතා සාර්ථකව ඉදිරියට ගමන් කරමින් ඇති බවයි. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයට අනුව එක් වරම දෙවැනි වාරිකයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වූවේ නම් එක පුදුම සහගත තත්ත්වයක් වනු ඇතැයි පෙන්වා දෙන සියඹලාපිටිය මහතා පවසන්නේ තව දුරටත් ඉටු කර ගත යුතු සහ ඇති කර ගත යුතු තත්ත්වයන් පවතින බවයි.

ඒ අනුව ඉතා නුදුරේ දී ම අදාළ වාරිකය ලැබෙනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *