• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

INSEE සිමෙන්ති EPD සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වෙයි

1 February 2024
in පුවත්, ව්‍යාපාර
INSEE සිමෙන්ති EPD සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන INSEE සිමෙන්ති සිය පුළුල් නිෂ්පාදන කළඹ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය (Environmental Product Declarations) හෙවත් EPD සහතිකය ලබා ගැනීමට සමත් විය.

එමෙන් ම INSEE සිමෙන්ති සමාගම මෙම සහතිකය හිමි කර ගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත් වෙමින් ඉතිහාස ගත වීම ද සුවිශේෂී ජයග්‍රහණයකි.

ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති ප්‍රමිති සහතිකයක් වන EPD සහතිකය පිරිනැමීමේ දී යම් නිෂ්පාදනයක සමස්ත ජීවන චක්‍රය තුළ පාරිසරික ක්‍රියාකාරීත්වය හා පරිසර හිතකාමී බව පිළිබඳ තෙවන පාරිශ්වීය සමීක්ෂණයක් ඔස්සේ සවිස්තරාත්මක සහ ප්‍රමිතිගත වාර්තාවක් ඉදිරිපත් කිරීම විශේෂිත ය. INSEE සිමෙන්ති මගින් ගෙන එන විවිධාංගීකරණය වූ සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන කළඹ, තිරසාර නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කරමින් දැඩි තක්සේරු ක්‍රියාවලියකට සහ විවිධ පර්යේෂණයන්ට ලක් වී ඇත.

මේ පිළිබඳ ව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා ප්‍රකාශ කළේ, ” අපගේ පරිසරයට හානියක් වීමෙන් තොර ව ඉදි කිරීම් කටයුතු සිදු කිරීමට හැකි වන පරිදි මේ රටේ ඉදි කිරීම් ක්ෂේත්‍රයක් ගොඩ නැංවීමට INSEE සිමෙන්ති සමාගම නිරන්තරයෙන් කැප වෙනවා. අප ලබා ගත් EPD සහතිකය මේ සඳහා හොඳ ම සාක්ෂියක්.

අපගේ ඉලක්කය වන්නේ ගනුදෙනුකරුවන් වෙත උසස් තත්ත්වයේ, පරිසර හිතකාමී ඉදි කිරීම් විසඳුම් අඛණ්ඩව ලබා දීම යි. ඒ නිසා ම තිරසාර භාවිතයන් වෙනුවෙන් අපි අඛණ්ඩ ව ආයෝජනය කරමින්, නවෝත්පාදන අංශය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.” යනුවෙනි.

EPD සහතිකය යනු පාරිසරික සහ මානව සෞඛ්‍ය සඳහා යම් නිෂ්පාදනයක බලපෑම තක්සේරු කරනු ලබන ප්‍රමිති ගත ලේඛනයක් වන අතර, එය ISO 14025 ප්‍රමිතියෙන් සහ විද්‍යාත්මක පිය සටහන් (Scientific foot printing) මත පදනම් වූ ජීවන චක්‍ර ඇගයීම් (Life Cycle Assessment) ක්‍රමවේදයෙන් සමන්විත වේ.

සිය නිෂ්පාදනවල පාරිසරික බලපෑම පිළිබඳ විනිවිද පෙනෙන පර්යේෂණ ක්‍රමවේදයක් තුළින් මෙම EPD සහතිකය ලබා ගැනීම හරහා INSEE සිමෙන්ති හරිත මෙන් ම වඩාත් තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත වෘත්තිකයින් වෙත සහයෝගය ලබා දීමට අරමුණු කරයි.

EPD සහතිකය ලබා දීමේ ක්‍රියාවලිය, ස්වීඩනයේ ලියාපදිංචි සීමිත සමාගමක් වන EPD International AB මගින් ක්‍රියාත්මක කෙරෙන අතර, එමගින් ජාත්‍යන්තර EPD පද්ධතියේ පරිපාලනය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ සමස්ත වගකීම දරයි. EPD International AB ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සෙබස්තියන් ස්ටිලර් මහතා INSEE සිමෙන්ති සමාගම ලබා ගත් මෙම ජයග්‍රහණය පිළිබඳ ව අදහස් දැක්වුවේ මේ අයුරිණි. “ සාමාන්‍යයෙන්, සමාගම් තම නිෂ්පාදනවල පරිසර හිතකාමී බව විනිවිදභාවයෙන් යුතුව ප්‍රකාශ කිරීමට, හරිත අනාගතයක් ගොඩ නැංවීම වෙනුවෙන් සිය කැප වීම හා දායකත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා EPD සහතිකය ලබා ගැනීමට උනන්දුවක් දක්වනවා. EPD සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම INSEE සිමෙන්ති සමාගම බවට පත් වීම් එම සමාගමට වගේ ම රටටත් විශාල ආඩම්බරයක්.”

INSEE සිමෙන්ති සිය පාරිභෝගික ජනතාවගේ ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලීම මෙන් ම, කාබන් විමෝචනය අවම කිරීමෙන් සහ ස්වාභාවික සම්පත් වගකීමෙන් යුතු ව භාවිත කිරීම ප්‍රවර්ධනය කරන නවීනතම, තිරසාර ගොඩනැගිලි විසඳුම් රැසක් ඉදිරිපත් කරයි.

Post Views: 814
Previous Post

අමරවීර සහ තිලංග මහලේකම් පුටුවෙන් අස්වෙයි

Next Post

කඳුකර දශකය මේ වසරට අදාළ ව්‍යාපෘති ජුලි 31 වැනිදාට පෙර අවසන් කරනවා – ඇමැති ප්‍රසන්න

editor ttvnews

editor ttvnews

Next Post
කඳුකර දශකය මේ වසරට අදාළ ව්‍යාපෘති ජුලි 31 වැනිදාට පෙර අවසන් කරනවා – ඇමැති ප්‍රසන්න

කඳුකර දශකය මේ වසරට අදාළ ව්‍යාපෘති ජුලි 31 වැනිදාට පෙර අවසන් කරනවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved