• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා සිය මෙහෙයුම් කටයුතු සංවිධානගත කරයි

3 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

INSEE සිමෙන්ති වර්තමානය වන විට ටොන් මිලියන 3.6 ක උපරිම නිෂ්පාදන හා ආනයන ධාරිතාවකින් යුක්ත වන සමාගමක් වන අතර, දේශීය වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිඟය මගහරවා ගනිමින් සිය ආනයන ආශ්‍රිත මෙහෙයුම් කටයුතු ක්‍රමවත් කිරීම සඳහා තවත් නැව් දෙකක් එක් කරගෙන තිබේ.

ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීමත් සමග ම සිමෙන්ති ආනයනය කරන ආයතනවල මෙහෙයුම් කටයුතු එකවරම පහත වැටුණු අතර එමනිසා මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය විය. මෙරට එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා වශයෙන් INSEE සිමෙන්ති සමාගමක් පසුගිය කාලවකවානුව පුරා රට තුළ පවතින සිමෙන්ති හිඟයට හැකි උපරිමයෙන් විසඳුම් ලබා දීමට කටයුතු කරමින් සිටී.

INSEE සිමෙන්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවරෝ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත වැඩකටයුතු කිසිඳු බාධාවකින් තොරව, සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සහයෝගය ලබා දීම සඳහා INSEE සිමෙන්ති ආයතනය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තම උපරිම නිෂ්පාදන ධාරිතාව ලබා දීමට කැපවෙනවා. දේශීය වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන සිමෙන්ති ආනයනකරුවන් තමන් සතු සිමෙන්ති තොග වෙළෙඳපොළට නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් රට තුළ කෘත්‍රිම සිමෙන්ති හිඟයක් නිර්මාණය කළා. අවාසනාවකට පවතින තත්ත්වය මත සිමෙන්ති අපනයනය කරන විදේශ නිෂ්පාදකයින්ට තම රටවල ඉල්ලුම පවා සපුරාලීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන නිසා මෙරටට සිමෙන්ති ආනයනය කිරීම බිඳවැටීම හේතුවෙන් දේශීය සැපයුම් දාමය නැවත පණ ගැන්වීමට අපහසු තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ නිසා අද රජය පාලන මිල ඉවත් කළත් රට තුළ සිමෙන්ති හිඟයක් පවතිනවා. අපගේ සංවිධානගත මෙහෙයුමට තවත් අමතර ආනයන යාත්‍රා දෙකක් එක් කිරීමෙන් මෙම අභියෝගයට යම් තරමකින් හෝ විසඳුම් ලබා දීමට INSEE සිමෙන්ති ආයතනය උත්සාහ කරනවා.” යනුවෙනි.

ආනයන කටයුතු සඳහා අතිරේක යාත්‍රා දෙකක් යෙදවීමට අමතරව, INSEE සිමෙන්ති ආයතනය සිය
පාරිභෝගික ප්‍රජාව වෙත නිෂ්පාදන සැපයුම අඛණ්ඩව සිදුකිරීම සඳහා මෙන් ම, INSEE නිෂ්පාදන වෙත ආකර්ෂණය වෙමින් සිටින පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගැනීම සඳහා සිය සැපයුම් හා බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත.

INSEE සිමෙන්ති නිෂ්පාදන අතරින් සංස්ථා සහ මහවැලි මෙරීන් ප්ලස් යන ගෘහස්ථ සිමෙන්ති නිෂ්පාදන පිළිබඳ ශ්‍රී ලාංකේය ආකල්පය පිළිබඳව එම සමාගම ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටී. ආනයනික සිමෙන්ති මත යැපීම අඩු කළ යුතු බව විශ්වාස කරන INSEE සිමෙන්ති ආයතනය සිය නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් රට තුළ දැනට පවතින සිමෙන්ති හිඟයට විසඳුම් ලබා දීමට කටයුතු කරන අතර, ඊට සමගාමීව පුත්තලම සහ ගාල්ල යන ප්‍රදේශවල පිහිටි සිය කම්හල් දෙකෙහි ගෘහස්ථ නිෂ්පාදනය තවදුරටත් වැඩි කිරීමට සහ ප්‍රශස්ත කිරීමට එම ආයතනය අපේක්ෂා කරයි. නිරන්තරයෙන් සිය පාරිභෝගික ජනතාව වෙත පහසුකම් සැලසීම සඳහා කැපවන INSEE සිමෙන්ති ආයතනය රට තුළ පවතින සිමෙන්ති හිඟය හැකි ඉක්මණින් නිමා කිරීම සඳහා විසඳුම් ලබා දෙන බව අවධාරණය කරයි.

පිටපත – PR

Post Views: 9
Previous Post

යට ගහන ගැටුම නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ජවිපේ

Next Post

විදුලිබල මණ්ඩලය විදුලි විසන්ධි කිරීමක් සිදු කරන්නේ නෑ -ඇමැති ගාමිණි

editor

editor

Next Post

විදුලිබල මණ්ඩලය විදුලි විසන්ධි කිරීමක් සිදු කරන්නේ නෑ -ඇමැති ගාමිණි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved