• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE Cement පරිසර සංරක්ෂණයේ වැදගත්කම යළි අවධාරණය කරයි

28 July 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

INSEE Cement Sri Lanka මේ වනවිට මෙරට තුළ පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

ශ්‍රී ලංකා රජය මෙන්ම ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (International Union for Conservation of Nature – IUCN) වැනි සංවිධාන සමග අර්ථවත් සම්බන්ධතා ගොඩනංවා ගනිමින් INSEE Cement මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වටිනා ආදර්ශ රැසක් සැපයීමට සමත් වී තිබේ.

මෙවර ලෝක ස්වභාවධර්ම සංරක්ෂණ දිනයේදී INSEE Cement සිය 2030 තිරසාර අරමුණෙහි ප්‍රධානතම අංගයක් වන ස්වභාවධර්ම සංරක්ෂණය උදෙසා දක්වන උනන්දුව හා කැපවීම නැවත වරක් තහවුරු කළේ ය. එම සමාගම පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාලු ප්‍රදේශයේ ක්‍රියාවට නංවා ඇති ස්වහාවධර්ම සංරක්ෂණ වැඩසටහන මෙම කැපවීමට මනා උදාහරණයකි. 1999 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියෙහි අරමුණ වන්නේ, ප්‍රදේශයේ පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරන අතරම එම ප්‍රදේශයේ සිදුකළ කැණීම් කටයුතු නිසා පරිසරයට ඇති වූ බලපෑම අවම කිරීම ය.


මෙම ව්‍යාපෘතිය සහ INSEE Cement සමාගමේ පාරිසරික ඉලක්ක සම්බන්ධයෙන් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා මෙසේ අදහස් පළකළේ ය. “අපගේ පරිසර සංරක්ෂණ මෙහෙවර හුදෙක් අපගේ තිරසාරත්ව න්‍යාය පත්‍රයේ නාමික අංගයක් පමණ නොවෙයි. එය අප කරන සෑම කටයුත්තකටම පිටුබලය සපයන දෙයක්. ඊට පදනම් වී ඇත්තේ පරිසරයේ හා ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් INSEE Cement දක්වන කැපවීමයි. ලෝක ස්වභාවධර්ම සංරක්ෂණ දිනය සමරමින්, ප්‍රධාන පෙළේ සංවිධාන ඇතුළු විවිධ පාර්ශව සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට අප ලබා දී ඇති ප්‍රතිඥාව නැවත අවධාරණය කිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා.”


IUCN සමග ඇතිකරගත් හවුකාරීත්වය, INSEE Cement සමාගමේ ගෝලීය පරිසර සංරක්ෂණ ප්‍රයත්නයන්ට මහත් පිටිවහලක් වී තිබේ. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පළපුරුද්දක් ඇති මෙවැනි සංවිධානයක් සමග අත්වැල් බැඳගැනීම තුළින්, තම පරිසර සංරක්ෂණ ප්‍රයත්නයන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සිදුකිරීමට INSEE Cement සමාගමට හැකියාව ලැබී ඇත. එය පරිසර සංරක්ෂණ මෙහෙවර තුළදී වඩාත් යහපත් ප්‍රතිඵල අත්කර දීමට මහෝපකාරී වී තිබේ.


ශ්‍රී ලංකාවේ IUCN නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “අරුවක්කාලු ප්‍රදේශයේ පරිසර පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා INSEE Cement දරන උත්සාහය ප්‍රශංසනීයයි. මෙවැනි ප්‍රයත්නයන් නොවන්නට, භාවිතා කර අවසන් වූ මෙවැනි ගල් කොරි හුදෙක් අත්හැර දමන ලද මුඩු බිම් බවට පත්වනවා. ඒ වෙනුවට දැන් මෙම භූමිය ජෛව විවිධත්වයේ තෝතැන්නක් බවට පත් වී තිබෙනවා. මෙය ස්වභාව සෞන්දර්ය ආරක්ෂා වන පරිදි වියළි කලාපයේ පරිසර පද්ධති සංරක්ෂණය කළ යුතු ආකාරය සම්බන්ධ මනා උදාහරණයක්. මේ ආකාරයට දීර්ඝකාලීන පරිසර සංරක්ෂණය වෙනුවෙන් INSEE Cement දරන ප්‍රයත්නයන් අන් අයටත් අගනා ආදර්ශයක් ලෙස හැඳින්විය හැකියි.”


අරුවක්කාලු ප්‍රදේශයේදී INSEE Cement අනුගමනය කරනුයේ තුන් වැදෑරුම් සංරක්ෂණ ක්‍රමවේදයකි. භාවිතා කර අවසන් වූ ගල් කොරි නැවත පිරවීම, මතුපිට පස් තට්ටුවක් ඇතිරීම සහ එම භූමිය මත පැල සිටුවීම ඊට ඇතුළත් වී තිබේ. මේ සඳහා ප්‍රදේශයට වඩාත් සුදුසු ශාක වර්ග තෝරාගැනෙන අතර, උපරිම ප්‍රතිඵල ලබාගැනීම සඳහා, සෑම වසරකදීම ඊසානදිග මෝසම් සමයට ආසන්නයේදී පැල සිටුවීම සිදුකෙරේ. මෙම සාර්ථක ප්‍රවේශය නිසා, ප්‍රදේශයේ ශාක සහ වනජීවී ගහනය නැවත ඇතිකිරීමට මෙන්ම, මෙම ප්‍රදේශවලට ආවේණික ගැටලුවක් වන පාංශු ඛාදනය අවම කිරීමටද හැකි වී තිබේ.


ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිරීක්ෂණය කිරීම සඳහා INSEE Cement සමාගම විසින් විවිධාකාර ක්‍රමවේදයන් භාවිතයට ගෙන ඇත. සංරක්ෂණය කරන ලද ප්‍රදේශය කලාප 16 කට බෙදා ඇති අතර, එම කලාපවල ශාකවල සහ වනජීවීන්ගේ තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කෙරේ. වඩාත් නිවැරදිව සහ විනිවිදභාවයෙන් යුතුව මෙම සිදුකිරීමට INSEE Cement සමාගම කටයුතු කිරීම නිසා නිත්‍ය නියැදි නිර්මාණය වී ඇති අතර, එමගින් ප්‍රදේශයේ සිදුවන පරිසර විද්‍යාත්මක පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි වී ඇත. මෙම ප්‍රයත්නය කෙතරම් සාර්ථක වී තිබේද යත්, ගැඩුඹ (Trema orientalis) සහ මයිල (Bauhinia racemosa),ශාක ඇතුළුව වර්ග 38 කට අයත් ශාක 270 කට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර වනවිට එම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.


එමෙන්ම මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, නියැදි බිම් කොටස් 10 සහ පාලිත බිම් කොටස් 02 තුළින් වනජීවීන් වර්ග 182 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. මේ අතරින් වර්ග 20 ක් මෙම ප්‍රදේශයට ආවේණික ජීවීන් වන අතර, වර්ග දෙකක් වෙනත් ප්‍රදේශවලින් රැගෙන එන ලද ජීවී වර්ග වෙති. එමෙන්ම ජීවී වර්ග 14 ක් දේශීය වශයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්වී සිටින වර්ග ය. මෙමගින් පෙනී යන්නේ මෙම සංරක්ෂිත භූමිය, තර්ජනයට ලක්වී සිටින ජීවීන්ට පවා අභය භූමියක් බවට පත් වී ඇති බවයි.


මුළුමහත් ලෝකයම දේශගුණ විපර්යාසවලට සහ පරිසර පද්ධති විනාශ වී යාමේ ගැටලුවට දැඩි ලෙස මුහුණ දෙමින් සිටින යුගයක, INSEE Cement සිදුකරන මෙබඳු සත්කාරයන් ලෝකයට නව බලාපොරොත්තුවක් රැගෙන එයි. තිරසාර අනාගතයක් වෙනුවෙන් කැපවීමේදී වගකීම්සහගත හා සදාචාරාත්මක ක්‍රමවේදයන්ට සහ පාරිසරික සංරක්ෂණයට මුල්තැනක් හිමි විය යුතු බවද එමගින් සනාථ වේ. එමෙන්ම ලෝක ස්වභාවධර්ම සංරක්ෂණ දිනයේ හරය ඔස්සේ, ශ්‍රී ලංකාවේ මහඟු සම්පතක් වන ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කිරීම සඳහා අත්වැල් බැඳගෙන කටයුතු කරන මෙන් INSEE Cement සමාගම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටී.

පිටපත – PR

Post Views: 20
Previous Post

සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයට සුරාබදු සැල් වැසේ

Next Post

ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමු වෙති

editor

editor

Next Post

ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමු වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved