27 April 2024
#දේශීය

සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයට සුරාබදු සැල් වැසේ

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් අද (28) දින සිට එලැඹන 02 වනදා දින දක්වා දේවාලයේ සිට කිලෝමීටර 5ක දුර ප්‍රමාණයක් දක්වා වූ භූමි ප්‍රදේශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම කාල සීමාව ආවරණය කරමින් සබරගමුව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති අතර ඇසල උත්සව කාල සීමාව තුල ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇත.

මහ සමන් දේවාල පුදබිම තුල සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *