• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE සිමෙන්ති ආයතනය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

16 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ආයතනය , 2021 නොවැම්බර් 09 වන දින වෝටර්ස්එජ් හි දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සමග සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය.

එම ගිවිසුමට අනුව INSEE සිමෙන්ති ආයතනය ලොව භාවිත වන නවීනතම ඉංජිනේරු ශිල්පීය ක්‍රම සහ භාවිතයන් පිළිබඳ දැනුම හුවමාරු කරගනිමින්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් ඉංජිනේරුවන් 25 දෙනෙකුගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා සුවිශේෂී වැඩසටහනක් දියත් කිරීමට නියමිත ය.

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද සහ INSEE සිමෙන්ති ආයතනයේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් යන මහත්වරුන් අත්සන් තැබූ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු වාරිමාර්ග අමාත්‍ය, ජාතික ආරක්ෂාව හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද සහභාගි විය.

INSEE සිමෙන්ති ආයතනය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගුණාත්මකබවින් යුත් ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා සිය දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගනිමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බව යාන් කුනිග් මහතා මෙහි දී පැවසුවේ ය. “මෙම සහයෝගීතාව සමඟ මේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නංවනවා වගේ ම, එම ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ නිපුණතා සහ හැකියාවන් සාර්ථකව ඉහළ නැංවීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඒ මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.

එම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින්, ” INSEE සිමෙන්ති වගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමඟ අත්වැල් බැඳගැනීම තුළින් අපගේ ඉංජිනේරුවන්ට නවත ම ගෝලීය ඉංජිනේරු ශිල්පීය ක්‍රම සහ භාවිතයන් පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය. එමෙන් ම දැනුම සහ සම්පත් හුවමාරු කරගැනීමේ වැඩසටහන් හරහා නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීමට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ප්‍රමිතීන් ඉහළ නැංවීමට INSEE සිමෙන්ති ආයතනය මගින් ලබා දෙන සහයෝගය ප්‍රශංසනීය බවත්, මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සහයෝගීතාවන් ගොඩනැංවීම සඳහා පූර්වාදර්ශයක් වනු ඇති බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

මෙම ගිවිසුම යටතේ, ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත්තු පරිපාලනය, දුර්වල පසෙහි සිදුකරන ඉදිකිරීම් කටයුතු (Pilling) , උස් මට්ටම්වල ජල කළමනාකරණ හා අපජල කළමනාකරණ පද්ධති , HVAC (තාපනය, වාතාශ්‍රය සහ වායුසමීකරණ) පද්ධති, ගිනි ආරක්ෂණ සහ හඳුනාගැනීමේ පද්ධති, HV (අධි වෝල්ටීයතා) හා LV (අඩු වෝල්ටීයතා) සම්ප්‍රේෂණයේ මූලික කරුණු, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සහ නඩත්තු කිරීම ආදී ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති එක් දින පුහුණු සැසි, එක් මධ්‍යස්ථානයක මසකට දෙවරක් පැවැත්වීමට නියමිත ය.

INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් ‘හරිත සහතිකය’ හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් වඩාත් ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම සමාගම ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.

පිටපත – PR

Post Views: 18
Previous Post

Daraz.lk වෙතින් vivo V සහ Y කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මිලදී ගෙන සුවිශේෂී තෑගි දිනාගන්න

Next Post

දිවයින පුරා සියළුම පාසල් ලබන සදුදා සිට ආරම්භ කෙරේ

editor

editor

Next Post

දිවයින පුරා සියළුම පාසල් ලබන සදුදා සිට ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved