• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE Cement සිය නවතම තිරසාරත්ව වාර්තාව එළිදක්වයි

3 March 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

INSEE Cement Sri Lanka සමාගමේ 2020/2021 තිරසාරත්ව වාර්තාව පසුගියදා එළිදක්වන ලදි. මෙය එම සමාගම සිය ආර්ථික, පාරිසරික හා සමාජයීය වගකීම් සපුරාලමින්, 2030 වර්ෂය වනවිට මෙරට තිරසාරත්වය සම්බන්ධ ප්‍රමුඛයෙකු බවට පත්වීම සඳහා දරන උත්සාහයේ තවත් වැදගත් පියවරකි.

දේශගුණය හා බලශක්තිය, චක්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජෛව විවිධත්වය හා ජලය ආරක්ෂා කිරීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ලබා ඇති කැපීපෙනෙන ප්‍රගතිය පිළිබඳ තොරතුරු රැසක් මෙම වාර්තාවෙහි අඩංගු ය. මීට අමතරව, තම කාර්යය මණ්ඩලයේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාව තහවුරු කිරීමට මෙන්ම තම පාර්ශවකරුවන් උත්තේජනය කිරීමට ගනු ලැබූ ප්‍රායෝගික ක්‍රියාමාර්ගද මෙහි සවිස්තරව දක්වා ඇත. මේ සියල්ල, INSEE Cement සමාගමේ 2030 තිරසාරත්ව අරමුණෙහි අනිවාර්ය අංග ලෙස සැලකේ.

වාර්තාව දොරට වඩින අවස්ථාවේදී ප්‍රධාන දේශනය සිදුකළ පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, පරිසරයේ යහපත වෙනුවෙන් සමාගම් හා ආයතන ඉටුකරන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව අදහස් දැක්වූ අතර, ඒ වෙනුවෙන් INSEE Cement සමාගම දරමින් සිටින උත්සාහයන් පිළිබඳව සිය ප්‍රසාදය පළකළේ ය. “රටේ අනාගතය රැඳී පවතින්නේ හරිත සංවර්ධනය මතයි. ජාතික මට්ටමේ හරිත සංවර්ධන කටයුතු සඳහා කර්මාන්ත තම දායකත්වය ලබාදිය යුතු වනවා. එසේ නොවුණහොත්, ගෝලීය වෙළඳපළ තුළ අපගේ තරගකාරීත්වය අපට අහිමි වේවි. ප්‍රායෝගිකව හා තාර්කිකව ආයතනික යහපාලනය සහතික කිරීම අතිශයින් වැදගත්.” අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.
මෙහිදී අදහස් දැක්වූ INSEE Cement Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා, COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාවේදී මුහුණදීමට සිදු වූ දැවැන්ත අභියෝගවලට සමාගම මුහුණ දුන් ආකාරය විස්තර කළ අතර, එම කාලසීමාවේදී සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැඩි විධිවිධාන අනුගමනය කරන අතරම, තිරසාරත්ව සහ ජෛව විවිධත්ව ආරක්ෂණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් ආකාරය පැහැදිලි කළේ ය. “COVID-19 සම්බන්ධ අභියෝග හමුවේ දුර්මුඛ නොවී, අපගේ ව්‍යාපාර කටයුතු සිදුවන ප්‍රදේශවල දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටි ජනතාවට උපකාර කිරීමටත්, නවෝත්පාදනයන් හා ඵලදායී ආයෝජනයන් ඔස්සේ අපගේ තිරසාරත්ව මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙනයාමටත් අප පියවර ගත්තා.” කුනිග් මහතා පැවසී ය.

සමාගමේ තිරසාරත්ව වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහා එහි අපද්‍රව්‍ය කළමනාකරණ අංශය වන INSEE Ecocycle මගින් ලැබෙන දායකත්වය යාන් කුනිග් මහතා මෙසේ විස්තර කළේ ය.

“2020 වසරේදී Ecocycle මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අපට හැකි වුණා. ඒ යටතේ දැන් අපද්‍රව්‍ය එක්රැස් කරමින් ඒවා විකල්ප බලශක්තිය සහ අනෙකුත් වටිනා සම්පත් බවට පරිවර්තනය කරන පරිපූර්ණ විසඳුම් ලබාදීමට අපට හැකි වී තිබෙනවා. මේ දක්වා අප පාරිභෝගිකයන් 1,000 කට අධික පිරිසකට, කාර්මික අපද්‍රව්‍ය ටොන් 1,000,000 කට අධික ප්‍රමාණයක් පරිසරයට එක්වීම වැළැක්වීමට සහය වී තිබෙනවා. එසේ නොකළා නම් මෙම අපද්‍රව්‍ය, කසළ කඳු වැනි ස්ථානවලට එක්වීමට ඉඩ තිබුණා.”යාන් කුනිග් මහතා වැඩිදුරටත් පැවසී ය.

International Union for Conservation of Nature (IUCN) යනු INSEE සමාගමේ තිරසාරත්ව සහ ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන් වල ප්‍රධානතම හවුල්කරුවෙකි. මෙවැනි හවුල්කාරීත්වයන්හි වැදගත්කම සම්බන්ධයෙන්, IUCN හි මෙරට නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙහිදී අපගේ මූලික කාර්යභාරය වන්නේ, INSEE Cement සමාගමට තම තිරසාරත්ව හා ජෛව විවිධත්ව සංරක්ෂණ වැඩසටහන් නිවැරදිව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමයි. මේ ඔස්සේ, විද්‍යාත්මක ක්‍රමවේදයන් පදනම් කරගත් වැඩසටහන් පෙළක් වසර ගණනාවක් තිස්සේ ප්‍රායෝගිකව අත්හදා බැලීමට අපට හැකි වුණා. මේවා දැන් පරිසර පද්ධති යථාවත් කිරීම, පරිසර විද්‍යාත්මක නිරීක්ෂණය සහ කොරල් පර ප්‍රතිසංස්කරණය කිරීම වැනි කටයුතුවලදී භාවිතා කළ හැකි විශිෂ්ටතම ක්‍රමවේදයන් ලෙස සැලකෙනවා. INSEE Cement වැනි සමාගම් මේ අරමුණ වෙනුවෙන් මෙලෙස කැපවීම අතිශයින් වැදගත්. තිරසාරත්වය සහ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග වහාම නොගන්නේ නම්, අපට නුදුරු අනාගතයේදීම බරපතළ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවේවි.”

IUCN හි මෙරට නියෝජිත ආචාර්ය ශාමෙන් විදානගේ මහතා INSEE Cement සහ ICUN අතර ඇතිකරගත් හවුල්කාරීත්වය නිසා අත්වුණු යහපත් ප්‍රතිඵල විස්තර කරමින් INSEESL/2023/T.G.P. Deepal Indika තම නිෂ්පාදන ක්‍රියාවලියේදී නිකුත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සීමා කරමින් තම කාබන් පියසටහන අවම කරගැනීම සඳහා සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය නවෝත්පාදන ක්‍රමෝපායන් භාවිතා කිරීමට INSEE Cement පියවර ගෙන තිබේ. මෙම උත්සාහයන්හි ප්‍රතිඵලයක් වශයෙන් 2021 වසරේදී, ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිසර හිතකාමී සිමෙන්ති වර්ගය ලෙස සැලකෙන INSEE සංස්ථා පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති හඳුන්වා දීමට හැකි විය.

 

පිටපත -PR

Post Views: 15
Previous Post

මැලිබන් සම අනුග්‍රහකත්වයෙන් 2023 ‘යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය’ මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනයේදී

Next Post

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම – ජනපති

editor

editor

Next Post

රටේ ආර්ථිකය පිළිබඳ යහපත් ප්‍රතිඵල ළඟදීම - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved