• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

INSEE Ecocycle තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග අත්වැල් බැඳගනී

16 October 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

INSEE Ecocycle කල් ඉකුත් වූ හෝ හානි වූ භාණ්ඩ සම්බන්ධයෙන් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙය ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකය ශක්තිමත් කරන පියවරක් වනු ඇත. මෙම හවුල්කාරීත්වය යටතේ, Daraz හි අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ විසඳුම් පිරිනැමීමට INSEE Ecocycle බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම Daraz හි ගබඩා තුළ පවතින, FMCG කාණ්ඩයට අයත් පාරිභෝගික භාණ්ඩ අතරින් කල් ඉකුත් වූ හෝ හානි වූ භාණ්ඩ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවනු ඇත.

“මෙය INSEE Ecocycle හි අප සැම දෙනාටම සතුටු විය හැකි මොහොතක්. අප Daraz සමග හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. අපගේ අතිනවීන පහසුකම්වලින් සමන්විත සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානය මෙම ව්‍යාපෘතියේ කේන්ද්‍රය ලෙස ක්‍රියාකරනවා. අපද්‍රව්‍ය වෙන්කිරීම සහ පූර්ව-පිරිසැකසුම් ක්‍රියාවලිය සිදුවන්නේ මෙම මධ්‍යස්ථානය තුළයි. මෙවැනි ව්‍යාපෘතිවලදී අප විශේෂයෙන්ම අපගේ සේවාදායකයන්ගේ සන්නාමයේ ආරක්ෂාව සහ අදාළ රෙගුලාසි සහ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරනවා.” INSEE Ecocycle Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.

INSEE Ecocycle සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානය මෙරට සමාගම් හා ආයතනවලට තිරසාර ක්‍රමවේදයන් ඔස්සේ අපද්‍රව්‍ය අවම කිරීම සහ සම්පත් ප්‍රතිසාධනය සිදුකිරීම සඳහා පුළුල් මට්ටමේ මගපෙන්වීමක් ලබාදෙයි.

“පරිසර හිතකාමී ක්‍රමවේදයන් සහ නවතම ප්‍රතිචක්‍රීකරණ විධික්‍රම භාවිතා කිරීම තුළින් අපට තිරසාරත්ව ඉලක්ක සහ මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කරගැනීමට මෙන්ම සියලුම දෙනා වෙනුවෙන් වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීමට දායක වීමට අවස්ථාව ලැබෙනවා. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම පාරිසරික වශයෙන් වගකීම්සහගත සහ සමාජයීය වශයෙන් සවිඥානික මාර්ගගත වෙළඳපොළක් බවට පත්වීමට අප දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ බාර්ට් වැන් ඩයික් මහතා පැවසී ය.

INSEE Ecocycle යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ වශයෙන් ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදන සමාගම වන INSEE Cement හෙවත් Siam City Cement (Lanka) Limited හි අපද්‍රව්‍ය කළමනාකරණ අංශයයි. සිය තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථික ශක්තිමත් කිරීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන INSEE Ecocycle, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමේ උත්සාහයද දිරිගන්වයි.

චක්‍රීය ක්‍රමවේදයන් භාවිතා කිරීම තුළින් ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන ඉලක්ක කිහිපයක් එකවර ආමන්ත්‍රණය කිරීමට හැකි වේ. ඒ ඔස්සේ විශේෂයෙන්ම වගකීම්සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ සිට නවෝත්පාදනය සහ කර්මාන්ත වර්ධනය දිරිගැන්වීම දක්වා පුළුල් පරාසයක් ආවරණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම චක්‍රීය ක්‍රමවේද ඔස්සේ පරිසර දූෂණය අවම කිරීම සහ සම්පත් සුරැකීම තුළින් දේශගුණ විපර්යාස අවම කිරීම, පිරිසිදු ජල සැපයුමක් සහතික කිරීම සහ සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම වැනි යහපත් ප්‍රතිඵල රාශියක් ළඟා කරගැනීමට හැකි වේ.

පිටපත – PR

Post Views: 12
Previous Post

ආචාර්ය රාම් මහදේව්යන් , බානගල උපතිස්ස මහ නාහිමියෝ බැහැ දකී

Next Post

ඡන්දය කල් දාන්න අපි අනුබල දෙන්නේ නෑ – මහලේකම් සාගර

editor

editor

Next Post

ඡන්දය කල් දාන්න අපි අනුබල දෙන්නේ නෑ - මහලේකම් සාගර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved