• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඡන්දය කල් දාන්න අපි අනුබල දෙන්නේ නෑ – මහලේකම් සාගර

16 October 2023
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කිසිදු ආකාරයකින් මැතිවරණ කල්දැමීමේ සූදානමක් හෝ එවැනි කාරණයකට ආධාර අනුබලදීමේ හෝ උදව් කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නොමැති බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “මේ දිගින් දිගටම මේ සමාජයේ කතිකාවතක් ගොඩනැගෙමින් පවතිනවා මැතිවරණ කල්දැමීමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන්. වි‍ශේෂයෙන් ජනාධිපතිවරණය සහ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට උත්සහ දරනවා කියන මතයක් සමාජගතවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි කිසිවිටෙකත් මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් එකඟවන්නේ නැහැ. අපි ඉතාම දැඩිව පක්ෂයක් හැටියට ඉන්නවා නිසිකලට හෝ නිසිකලට ප්‍රථමව මැතිවරණ පැවැත්විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදි රටක මහජනතාවට තමන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තමන් කැමති පාලකයින් පත්කර ගැනීමේ අයිතියට හානිකර කිසිවක් නොකළ යුතුයි කියන දැඩි මතයක පක්ෂයක් හැටියට අපි ඉන්නවා. ඒ නිසා කිසිදු ආකාරයකින් මැතිවරණය කල්දැමීමේ සූදානමක් හෝ එවැනි දේකට ආධාර අනුබලදීමේ හෝ උදව් කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ නැති බව ඉතා අවධාරණයෙන් ප්‍රකාශ කරන්න කැමති. පසුගිය කාලයේ අපේ පක්ෂයට ඉතාම දැඩි නිර්ධය ප්‍රහාරයන් එල්ල වුණා. පදනම් විරහිත විවේචන, චෝදනා එල්ල කළා. නමුත් අපි කියන්න ඕන ලෝකයේ රටවල්වල කොවිඩ් හැදිලා ලක්ෂ ගණන් ජනතාව මිය යද්දි මේ රටේ ජනතාවට තමන්ගේ ගෙවල්වලට ආහාර පාන ලබාදෙමින් ඔවුන්ව ආරක්ෂා කරලා ඒ සියලු කටයුතු කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය නිසා තමයි අද සමාජ මාධ්‍යවල මෙවැනි දෙයක් ලියන්න හරි ඔවුන්ගේ ජිවිත ඉතුරුවෙලා තිබෙන්නේ කියලා මතක් කරන්න ඕන. අපේ පක්ෂය ප්‍රතිබලගැන්වීමේ ක්‍රියාදාමයක් පහුගිය කාලයේ දියත් කළා. එය මේ වනකොට ඉතා සාර්ථක මට්ටමකට පැමිණිලා තිබෙනවා. මුලින් අපි ආසන මාලාවක් පැවැත්තුවා අති සාර්ථක ලෙස. අපේ පක්ෂය මේ වන විට ඉතා ශක්තිමත්ව ඉදිරියට එන ඕනෑම මැතිවරණයකට මුහුණදීමේ ශක්තිමත් අඩිතාලම, ශක්තිමත් සංවිධාන ජාලය පිහිටුවා ගනිමින් ඉදිරියට යනවා. ඒ වගේම අපිට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළින් අපේ පක්ෂයට මඩගහන, බොරු විවේචන එල්ල කරන සියලු පුද්ගලයින්ට කියන්න ඕන ඔබලා මුහුණ පොතේ, සමාජ මාධ්‍යවල මොනදේ කිව්වත් සියලු සංවර්ධන කටයුතු කරපු පක්ෂයේ නායකයින් ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව. ඒ වගේම මේ රටේ දේවල් විනාශ කරපු පිරිස සිටින්නේ මේ විවේචනය කරන කොටසත් සමඟ කියන එක මේ රටේ තරුණයින්ට අවබෝධ වනකොට ඔවුන් වඩ වඩාත් අපේ පක්ෂය සමඟ දැඩිව සම්බන්ධ වෙනවා. අපි කිසිදු ආකාරයකින් මැතිවරණයකට මුහුණදීමට බය නැහැ. අපි බලාපොරොත්තුවෙමින් ඉන්නවා ඉතා ඉක්මණින් මැතිවරණයකට මුහුණදිලා අපේ පක්ෂයේ ඇති ශක්තිය රටේ ජනතාවට පෙන්වා දීමට. ” යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෙහිදි සඳහන් කළේය.

Post Views: 12
Previous Post

INSEE Ecocycle තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග අත්වැල් බැඳගනී

Next Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි 20 වන සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්

editor

editor

Next Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි 20 වන සංවත්සරය වෙනුවෙන් දිවයින පුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka අරමුදලට යූරෝ 17,600ක පරිත්‍යාගයක්

21 May 2026
රංග රාජපක්ෂගේ  අභිරහස් මරණ පරීක්ෂණයේ  සාක්ෂි විභාගය  කුලියාපිටිය අධිකරණයේදී කැඳවයි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සාක්ෂි දෙයි

රංග රාජපක්ෂගේ අභිරහස් මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය කුලියාපිටිය අධිකරණයේදී කැඳවයි උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සාක්ෂි දෙයි

21 May 2026
මැදපෙරදිග යුද්ධය නිසා  ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්  පහත හෙළයි

මැදපෙරදිග යුද්ධය නිසා ගෝලීය ආර්ථික වර්ධන පුරෝකථන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පහත හෙළයි

21 May 2026
දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට  මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම්  වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට  මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම්  වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

දියතලාව පාසල් සිසුන් 10 දෙනෙකුට මෙනින්ජයිටීස්වැළඳේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම දැනුම් දෙන්නැයි උපදෙස්

21 May 2026
පොලිස් ආධුනික බඳවාගැනීම්  අයදුම්පත් භාරගන්නා  අවසන් දිනය  ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

පොලිස් ආධුනික බඳවාගැනීම් අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ජූනි 01 දක්වා දීර්ඝ කෙරේ

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved