ගමේ නරකම මනුස්සයෙක් ගැන, අසාර්ථකම මනුස්සයෙක් ගැන කතා කරන කොට කතාවට කියනවා මේ කිරි හරකත් විකුණා කනවා හා සමානයි අද අපේ රටට වෙමින් පවතින දේ යැයි ව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ මව්බිම ජනතා පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පක්ෂ නායක දිලිත් ජයවීර මහතා, “මම මගේ අවුරුදු 30ක වක්‍ර දේශපාලන භාවිතයේ දී විවිධ නායකයින්ට උදව් කරලා තියෙනවා. මම ජ.වි.පෙ. පංති 5ට ගියේ ඉස්කෝලේ අටේ පංතියේ ඉද්දී. ඊළගට ඉස්කෝලේ 11 පංතියේ දීත් ගියා. මම ඒ පක්ෂය එක්ක ළඟින් වැඩ කළා. ඔවුන්ගේ ජයග්‍රහණ සඳහා කැප වුණා. 2004දී ඔවුන් ආසන 42ක් ගන්න මම ඔවුන් සමග සමීපව වැඩ කළා. ඔව්නුගේ දහසක් මහ වැව් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලේ ඒ ව්‍යාපෘතිය එළි දක්වන්න නිර් මාණශීලීව ඉතා වගකීමෙන් යුක්තව කැප වුණා. පොලොන්නරුව දිස්ත්‍රික්කය කියන්නේ කෘෂිකර්මාන්තයේ පෙරගමන්කරුවන් වන දිස්ත්‍රික්කයක්.විශේෂයෙන් ම මේ රටට බත සපයන දිස්ත්‍රික්කය ඔබේ දිස්ත්‍රික්කය. ඔවුන්ගේ ශ්රමයට වටිනාකමක් ලැබෙන්න නම් මේක නිවැරදි වෙන්න ඕන. ඒ සඳහා ජාතික වැඩපිලිවෙලක් අවශ්‍යයි. එහි ඇණ මුරිච්චි තද කරන්න බෑ. නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍යයි. සෘණාත්මක දේවල්වලින් ජාතියක් ගොඩනගන්න බෑ. ධනාත්මකව හිතන රට ගොඩනගන්න පුළුවන් ජනතාවක් බිහි කරන්න සියලු ජාතීන් එක්ව වැඩකරන කිසිදු භේදයකින් තොරව ක්‍රියා කරන පිරිසක් වෙන්න ඕන. අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවාගේ අනාගතය පවා සහතික කරන අපි ගෙනෙන වැඩපිළිවෙලට ඇතුළත්. කෘෂිකර්මාන්තයට අදාළව කොහොමද ගොවියා ගොඩ ගන්නේ කියලා අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ආර් ථික සක්‍යතාව වැඩි කරන්නේ කොහොමද ඒ සඳහා නවෝත්පාදන ක්‍රමවේදයන් භාවිත කරන්නේ කොහොමද කියලා ඇතුළත්. අපට අවශ්‍ය මේ නව ව්‍යවසායකත්ව ප්‍රජාවේ ආර්ථිකය රුපියල් 40000කින් පමණ වැඩි වන දෛනික වැඩපිළිවෙලක් සහිත ආණ්ඩුවක් හදන්න.අපි හැමදාම පැවතුණු ආණ්ඩු එක්ක පාළනය එක්ක කටයුතු කළේ පන්නමු කියන අදහසින්. නමුත් අපි එහෙම පන්නලා ගෙන එන ආණ්ඩුවෙන් මොකද්ද වෙන්නේ කියන එක ගැන හිතන්න පටන් ගමු. මේ දවස්වල දේශපාලන වේදිකාවේ කියවෙන හොරු අල්ලමු කියන ප්‍රකාශය පට්ට පල් බොරුවක්. හැබැයි මේ හොරු අල්ලන කතාව මගින් අහිංසක මිනිසුන්ගේ ඡන්දය කඩා ගන්නට ඉඩ දෙන්න බෑ. අපි සාකච්ඡා කරමු මේ ශ්‍රී ලාංකික තාරුණ්‍යය අභිප්‍රේරණය කරන්නේ කොහොමද කියලා.ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ මාතෲත්වයට ගෞරව කරන විශිශ්ඨතම ව්යවසායකයින්වන මව පවුල් සංස්තාව ආරක්ෂා කරගෙන ඉදිරියට යන මව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු.කොහොමද ඒ මවගේ ආදරය අපේ රටේ ජනතාවගේ සතුටට දායක වෙන්නේ කියලා සාකච්ඡා කරමු.අපි කතා කරමු අපේ උපායමාර් ගික වැඩපිළිවෙල කුමක් ද ඔබේ උපායමාර් ගික වැඩපිළිවෙල මොකද්ද කියලා. මේ රටේ සියලු සම්පත් විකුණමින් පවතින මොහොතක අපි ඔක්කොම එකතු වෙලා මේ රට රැක ගමු යැයි දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.