27 July 2024
#දේශීය #පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්,  ඇමැති හරින් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (27) පැවැත්විණ.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේ දී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ප්‍රධාන තේරීම් කමිටු සභාපති උපුල් තරංග ටෙස්ට්,එක්දින සහ 20/20 ආකෘතීන් තුනේම නායකයින් සහභාගී විය.

නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම,නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීම,තවදුරටත් පවත්නා දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම,වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡාවට ලක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *