• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

කොළඹ ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 2ක හිමිකම් ඔප්පු ලබා දෙන්නැයි ඇමැති ප්‍රසන්නගෙන් උපදෙස්

4 January 2023
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 24ක සහ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 2ක හිමිකම් ඔප්පු ලබාදීමේ කටයුතු කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නිවාස ව්‍යාපෘති 24ක් යටතේ නිවාස ඒකක 14,607ක් ඉදිකර ජනතා අයිතියට පත්කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම නිවාස ව්‍යාපෘති 24 අතරින් නිවාස ඒකක 626කින් සමන්විත කොම්පඤ්ඤවීදිය, මෙට්‍රො හෝම්ස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය සඳහා සහ දෙමටගොඩ, මිහිඳුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය සඳහා මේ වනවිට සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එමෙන්ම මෙට්‍රො හෝම්ස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 626 අතරින් නිවාස ඒකක 80ක් සඳහා පැවරුම්කර ඔප්පු නිකුත්කර ඇත. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ ඉතිරි නිවාස ඒකක 546 සඳහා ද ඔප්පු ලබාදීමේ කටයුතු සිදු කරමින් පවතින බවයි.

මෙම නිවාස ව්‍යාපෘති සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ අනුමැතිය ලැබීමෙන් පසුව නාගරික සංවර්ධන අධිකාරියට නිවාසලාභීන්ගෙන් අයවිය යුතු මුදල වසර 30ක් ඇතුළත හෝ ඊට පෙර ගෙවා අවසන් කිරීමෙන් අනතුරුව අදාළ නිවාසලාභීන්ට ඔප්පු නිකුත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.

මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති බොරැල්ල ඕවල්වීව් රාජ්‍ය සේවක නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 608කින් සමන්විත අතර අංගොඩ ලේක් ක්‍රෙස්ට් නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 500කින් සමන්විත වේ.

මේ අතරින් අංගොඩ, ලේක් ක්‍රෙසට් නිවාස ව්‍යාපෘතියේ සහාධිපත්‍ය සහතිකය නාගරික සංවර්ධන අධිකාරිය වෙත නිකුත් කර ඇති අතර සහාධිපත්‍ය ප්‍රකාශන ඔප්පු සැකසීමට අදාළ කටයුතු සිදු කරමින් පවතී. ඉන් පසුව පැවරුම්කර ඔප්පු අදාළ නිවාසලාභීන් වෙත ලබා දීමේ හැකියාව පවතින බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ බොරැල්ල, ඕවල් වීව් නිවාස ව්‍යාපෘතියේ සහාධිපත්‍ය සහතිකයද තමන් වෙත නිකුත් කර ඇති අතර සහාධිපත්‍ය ප්‍රකාශන ඔප්පු ලියාපදිංචි කිරීමට අදාළ සියලු වැඩකටයුතු අවසන්ව ඇති බව අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව තමන් වෙත ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කර ඇති ගැනුම්කරුවන්ට පැවරුම්කර ඔප්පු ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයිද නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුටත් පවසයි.

Post Views: 8
Previous Post

Uber ශ්‍රී ලංකාවේ සත්වැනි වසර සපුරයි .. ගමන් වාර වල මුළු දුර කිලෝමීටර් මිලියන 55 පසුකරයි

Next Post

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

editor

editor

Next Post

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්

18 June 2025
ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

ද. ගාසාවට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 51දෙනෙකුට අධික පිරිසක් මිය ගිහින්

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved