27 April 2024
#සංවර්ධන

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබු මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරිමේ වැඩ ආරම්භය ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ පසුගිය යහපාලන රජය සමයේ සංවර්ධනය කටයුතු ආරම්භ කළත් වැඩ අවසන් නොකළ අතර ඉදිකිරිම් සිදු නොකිරිම නිසා මා‍තලේ ප්‍රදේශයේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සදහා ක්‍රිඩා කිරිමට තිබු එකම ක්‍රිඩාංගණය මෙසේ වසර ගණනනාවක් තිස්සේ වැඩ නිම නොකිරිම නිසා දැඩි අපහුසතාවයට පත් වු නිසා මලල ක්‍රිඩක ක්‍රිඩිකාවන්,ක්‍රිඩා සංගම් ඇතුලු පිරිස් මෙම ක්‍රිඩාංගණය වහා පිළිසකර කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් සිදු කළ ඉල්ලිම අනුව මෙය කඩිනමින් සිදු කිරිම සදහා මෙම වැඩ ආරම්භ කිරිම සිදු විය.

මෙම ප්‍රතිපාදන මගින් බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ මංතිරු සහ අනෙකුත් පහසුකම් ඇති කිරිමටත් ජාතික හා ජත්‍යන්තර මට්ටමේ ක්‍රිඩාවන් සිදු කිරිමට අවශ්‍ය පහසුකම් සපයා දිමට තමා නිරන්තරයෙන් කටයුතු කරන බව මෙහිදි අදහස් දැක්වු ක්‍රිඩා හා ‍යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

මේ පිළිබදව මාධ්‍ය මගින්ද විටින් විට ද මෙහි ඉදිකිරිම් සිදු නොවිම පිළිබදව අවස්ථා ගණනාවකදිම පෙන්වා දෙනු ලැබිය.

මෙම ප්‍රතිපාදන ක්‍රිඩා අමාත්‍යංශයේ ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමෙන්තුව මගින් මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මියගේ සෟජු අධීක්ෂණය යටතේ මාතලේ මහ නගර සභාව ඇතුලු රාජ්‍ය ආයතන එක්ව සිදු කිරිමට නියමිතය.

ඉදිකිරිම් කටයුතු ආරම්භය කිරිමේ අවස්ථාවට මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ්, නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත,නාගරික ඉංජිනේරු සම්පත් ජයනෙත්තිරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *