ඉරානය විසින් එල්ල කරන ලද නවතම ප්‍රහාර මාලාවත් සමඟ කුවේට් නගරයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයෙන් කළු දුමාරයක් මතුවන අයුරු අද (02) වාර්තා වී තිබේ. AFP පුවත් සේවය තහවුරු කරන පරිදි, මෙම දුමාරය මතුවීමට පෙර නගරය පුරා අනතුරු ඇඟවීමේ සිරෙනා හඬ ද පැතිර ගොස් ඇත.
අමෙරිකානු තානාපති කාර්යාලය තමන් ප්‍රහාරයකට ලක්ව ඇති බව තහවුරු කර ඇති අතර, ඩ්‍රෝන සහ මිසයිල තර්ජන තවදුරටත් පවතින බව නිවේදනය කර තිබේ. දුමාරය පවතින ප්‍රදේශය වෙත ගිනි නිවන රථ සහ ගිලන් රථ ගමන් කරන අයුරු දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.
තානාපති කාර්යාලය වෙත පැමිණීමෙන් වළකින ලෙසත්, වහාම ආරක්ෂිත ස්ථාන කරා (ගොඩනැගිලිවල පහළම මහල්වලට) ගමන් කරන ලෙසත් අමෙරිකානු පුරවැසියන්ට සහ කාර්ය මණ්ඩලයට දැනුම් දී ඇත. මීට සුළු මොහොතකට පෙර කුවේට් අහසේදී අමෙරිකානු F-15 ප්‍රහාරක යානයක් කඩා වැටීම සහ මෙම ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතීදැයි මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.














