ඉන්දීය සාගරයේ පිහිටි ප්‍රධානතම අමෙරිකානු නාවික කඳවුර වන චාගෝස් දූපත් සමූහයේ දියේගෝ ගාසියා (Diego Garcia) මධ්‍යස්ථානය ඉලක්ක කර ඉරානය විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බව එරට ‘මෙහර්’ (Mehr) පුවත් ඒජන්සිය අද (21) තහවුරු කළේය. මෙම ප්‍රහාරය මඟින් ඉරාන මිසයිලවල පරාසය (Range) සතුරා කලින් ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝකයට පෙන්නුම් කර ඇති බව එම වාර්තාවල දැක්වේ.
අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ මෙම මධ්‍යම දුර බැලස්ටික් මිසයිල ප්‍රහාරයෙන් කඳවුරට හානියක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත්, මෑතකදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී ඉරාන ‘අයිරිස් ඩෙනා’ (IRIS Dena) යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල කළ අමෙරිකානු සබ්මැරීනය පැමිණ ඇත්තේ ද මෙම දියේගෝ ගාසියා කඳවුරේ සිට බවට තොරතුරු වාර්තා වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ඉන්දීය සාගර කලාපයේ යුදමය තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇත.














