ඉරානයේ පිහිටි බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රය ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) අද (18) තහවුරු කළේය.
ප්‍රහාරය බලාගාර පරිශ්‍රයට එල්ල වුවද, ඉන් ප්‍රධාන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට හෝ එහි මෙහෙයුම් පද්ධතිවලට කිසිදු හානියක් සිදුව නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසයි
සිද්ධියෙන් බලාගාරයේ සේවයේ නිරත කාර්ය මණ්ඩලයට ද කිසිදු හානියක් සිදුව නොමැති අතර ප්‍රදේශයේ විකිරණ මට්ටම් සාමාන්‍ය පරිදි පවතින බව වාර්තා වේ
මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර ඕනෑම න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට පහර දීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව බලධාරීන් අනතුරු අඟවයි
පවතින අතිශය නොසන්සුන්කාරී යුදමය වාතාවරණය හමුවේ ඉරානයේ අනෙකුත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන වටා ද ආරක්ෂාව තර කිරීමට ටෙහෙරානය පියවර ගෙන ඇත
















