ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟ එරටට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක මඟහැරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guards) සහ රජයට සම්බන්ධ පාර්ශ්වයන් ක්‍රිප්ටෝ මුදල් විශාල වශයෙන් භාවිතා කරන බව මූල්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. සාම්ප්‍රදායික බැංකු පද්ධතියෙන් බැහැරව ඩිජිටල් මුදල් ඒකක හරහා තෙල් අලෙවි කිරීමට සහ යේමනයේ හවුති (Houthi) කැරලිකරුවන් වැනි සන්නද්ධ කණ්ඩායම් වෙත රහසිගතව මුදල් යැවීමට ඉරානය දිගු කලක සිට මෙම උපක්‍රමය භාවිතා කරන බව ඇමෙරිකානු බලධාරීන් පවසයි.
‘Chainalysis’ දත්ත විශ්ලේෂණ ආයතනයට අනුව, ඇමෙරිකානු සහ ඉශ්‍රායල ගුවන් ප්‍රහාර ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 02 වැනිදා දක්වා වූ කෙටි කාලය තුළ ඩොලර් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් ක්‍රිප්ටෝ මුදල් ප්‍රමාණයක් ඉරාන මූල්‍ය වේදිකාවලින් බැහැර වී තිබේ. මාර්තු 05 වැනිදා වන විට මෙයින් තුනෙන් එකක ප්‍රමාණයක් විදේශීය මුදල් හුවමාරු මධ්‍යස්ථාන වෙත මාරු කර ඇති අතර, මෙවැනි දැවැන්ත මුදල් ප්‍රමාණයක් හුවමාරු වීම පිටුපස ඉරාන පාලන තන්ත්‍රයේ සෘජු මැදිහත්වීමක් පවතින බවට සැක කෙරේ.
සම්බාධකවලට අමතරව සයිබර් ප්‍රහාරවලින් සිය ධනය ආරක්ෂා කර ගැනීමට ද ඉරානය උත්සාහ කරමින් සිටී. 2025 ජූනි මාසයේ පැවති ගැටුම් අතරතුර ඉරානයේ ප්‍රධාන ක්‍රිප්ටෝ වේදිකාවක් වන ‘Nobitex’ වෙතින් ඩොලර් මිලියන 90ක මුදලක් ඉශ්‍රායලයට සම්බන්ධ හැකර්වරුන් (Hackers) විසින් සොරාගෙන ඇති බව ‘TRM Labs’ ආයතනය වාර්තා කර ඇත. මෙම තත්ත්වය හමුවේ ඉරාන සිවිල් වැසියන් ද සිය ඉතුරුම් උද්ධමනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රිප්ටෝ මුදල් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බව පෙනී යයි.

















