තුර්කිය සහ ඕමානය ඉලක්ක කර ගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාරවලට ඉරාන සන්නද්ධ බලකායන්ගේ හෝ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම්වල (Proxy groups) කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරාන උත්තරීතර නායක මොජ්ටබා ඛමේනි (Mojtaba Khamenei) අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රහාර කිසිලෙසකත් ඉරානය විසින් සැලසුම් කළ ඒවා නොවන බවයි.
මෙම ප්‍රහාර ඉරානයේ සතුරන් විසින් සිදුකරන ලද “False Flag” හෙවත් වෙනත් පාර්ශවයකට වගකීම පැටවීමේ අරමුණින් සිදුකළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් බව ඔහු පෙන්වා දෙයි. අසල්වැසි රටවල් අතර පවතින සුහදතාවය සහ එකමුතුකම බිඳ දැමීම සඳහා සතුරන් මෙවැනි උපක්‍රම භාවිතා කරන බවට ඔහු චෝදනා කරයි. මූලාශ්‍ර පවසන පරිදි මෙම ප්‍රකාශයත් සමඟ කලාපීය රාජ්‍යයන් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් සංකීර්ණ වී තිබේ.














