ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර පිහිටි ඉරාන තානාපති කාර්යාල පරිශ්‍රය තුළ, ඉරාන ඉස්ලාමීය පාලනයට විරුද්ධ පාර්ශවයන් භාවිතා කරන ‘සිංහයා සහ හිරු’ (Lion and Sun) සහිත ඓතිහාසික කොඩිය එසවීමේ පුවතක් වාර්තා වේ. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවලට අනුව, තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් රැස්ව සිටියදී කාර්යාල පරිශ්‍රය තුළ සිටි අයෙකු විසින් මෙම කොඩිය ඔසවා ඇති අතර, මෙය තානාපති කාර්යාල නිලධාරියෙකුගේ සහයෝගය ඇතිව සිදු වූවක් බවට සැක කෙරේ.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ, ඉරාන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු සිය තනතුරුවලින් ඉල්ලා අස්වී විදේශ රටවලින් දේශපාලන රැකවරණ (Asylum) ඉල්ලා ඇති බව වාර්තා වේ. කෝපන්හේගන්හි ඉරාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම්වරයා ලෙස කටයුතු කළ අලිරේසා සොහ්බතී (Alireza Sohbati) ඩෙන්මාර්කයෙන් රැකවරණ ඉල්ලා ඇති අතර, ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මොහොමඩ් පූර්නජාෆ් (Mohammad Pournajaf) ද මෙලෙස රජයෙන් ඉවත් වී තිබේ. මීට පෙර ජිනීවා සහ වියානාහි සේවය කළ නිලධාරීන් ද මෙලෙස දේශපාලන රැකවරණ පතා ඇති බව සඳහන් වේ.
ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම පුවත් අසත්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළද, යුද්ධය පවතින අවස්ථාවක තම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මෙලෙස රජය හැරයාම ටෙහෙරානයට එල්ල වූ දැඩි මනෝවිද්‍යාත්මක සහ දේශපාලන පහරක් ලෙස විචාරකයෝ හඳුන්වති. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මීට පෙර ඉරාන නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ රජයෙන් ඉවත් වී ඉරානයේ අනාගතය වෙනුවෙන් සහය වන ලෙසයි. කෙසේ වෙතත්, ඩෙන්මාර්කයේ ඉරාන තා
















