ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ අභාවයෙන් පසු ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා කඳවුරු ඉලක්ක කර ඉතිහාසයේ “දරුණුතම” ප්‍රහාරය දියත් කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය ප්‍රකාශ කර තිබේ. ඉරානය විසින් ඩුබායි, බහරේන් සහ කටාර්හි දෝහා ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු කඳවුරු පවතින ස්ථාන රැසකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක වන අතර, මෙම සිදුවීම් මාලාව මැදපෙරදිග කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල කර ඇත.














