ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ (Benjamin Netanyahu) කාර්යාලය සහ එරට ගුවන් හමුදාපතිවරයා රැඳී සිටි ස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අද (02) පස්වරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය අතිශය තීරණාත්මක මට්ටමකට පත් කරමින් මෙම පුවත වාර්තා වී තිබේ
ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉරාන ආරක්ෂක බලකාය විසින් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය සහ ගුවන් හමුදා මූලස්ථානය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත. “සියොන්වාදී පාලනයේ අපරාධකාරී අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය සහ ගුවන් හමුදාපතිවරයාගේ මූලස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළා” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හට කිසියම් හානියක් සිදු වූයේද යන්න පිළිබඳව ඊශ්‍රායල පාර්ශ්වයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් ලැබී නොමැති අතර ඔහුගේ වත්මන් තත්ත්වය තවමත් ‘අපැහැදිලි’ (Unclear) මට්ටමක පවතී. මෙම පුවතත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සහ කොටස් වෙළඳපොළවල් දැඩි ලෙස අස්ථාවර වීමේ අවදානමක් මතුව තිබේ.














