ඉරානයට අයත් IRIS Bushehr නෞකාව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තවදුරටත් කොළඹට මුහුදු සැතපුම් 9.5ක් පමණ දුරින් නැංගුරම් ලා ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. නෞකාවේ එන්ජිමේ පවතින දෝෂයක් හේතුවෙන් එය සැලසුම් කළ පරිදි ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත්, ඒ සඳහා පෞද්ගලික සමාගමක තාක්ෂණික සහාය ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ගිය පසු එය එරට රඳවා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














