මැදපෙරදිග යුද ගින්න තවදුරටත් ඇවිළී යමින් ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ ජෙරුසලම ඉලක්ක කර ගනිමින් දරුණු පළිගැනීමේ ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් ඊශ්‍රායලයේ මධ්‍යම නගරයක් වන බෙයිට් ෂෙමෙෂ් (Beit Shemesh) හි පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ටෙහෙරානයේ නිලූෆර් චතුරශ්‍රයේ (Niloofar Square) පුද්ගලයන් විසිදෙනෙකු මිය ගොස් ඇත. එමෙන්ම එරට ගාන්ධි රෝහලට සහ පොලිස් ගොඩනැගිල්ලකට ද දැඩි හානි සිදුව තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ වොෂින්ටනයේ සියලු අරමුණු ඉටු වන තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරන බවයි. විශේෂයෙන්ම ඉරාන ප්‍රහාරවලින් මියගිය අමෙරිකානු සෙබළුන් තිදෙනා වෙනුවෙන් පළිගැනීමට තමන් සූදානම් බව ඔහු යළිත් සහතික කර තිබේ.
















