සවුදි අරාබියේ පිහිටි ‘ප්‍රින්ස් සුල්තාන්’ (Prince Sultan) ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඉන්ධන පිරවුම් ගුවන් යාත්‍රා (Refueling planes) පහකට හානි සිදුව ඇති බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පත වාර්තා කරයි. මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ යාත්‍රා ගුවන් පථයේ නවතා තිබී ඇති අතර, ඒවාට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බව සඳහන් වේ.
වාර්තාවලට අනුව, හානියට පත් ගුවන් යාත්‍රා මේ වන විට අලුත්වැඩියා කරමින් පවතී. ඉරානය සහ ඇමරිකාව අතර මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය මධ්‍යයේ සවුදි අරාබියේ පිහිටි ඇමරිකානු උපක්‍රමික මධ්‍යස්ථානයක් ඉලක්ක කර මෙලෙස ප්‍රහාර එල්ල වීම දැඩි අවධානයට ලක්ව ඇත. මෙම ප්‍රහාරයත් සමඟ කලාපයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු තවදුරටත් උත්සන්න වී තිබේ.
මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව සිය හමුදා ශක්තිය කලාපය තුළ තවදුරටත් වර්ධනය කිරීමට ඉඩ ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම මැදපෙරදිග අහසේ ඇමරිකානු ගුවන් මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය වන ඉන්ධන පිරවුම් යාත්‍රා ඉලක්ක කිරීම මගින් ඇමරිකාවේ ගුවන් බලයට බලපෑම් කිරීමට ඉරානය උත්සාහ කර ඇති බව පෙනේ.














