ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත දරුණු අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, ඩුබායි සහ අබුඩාබි වරාය පරිශ්‍රවලින් වහාම ඉවත් වන ලෙස දන්වා තිබේ. කලාපීය ආරක්ෂාව සහ පවතින උණුසුම්කාරී වාතාවරණය හමුවේ ඉරානය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, මෙය මැදපෙරදිග සමුද්‍රීය සහ ආර්ථික ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.














