අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ඝාතනය වීමෙන් පසුව, ඉරානයේ තරුණ ප්‍රජාව සහ කාන්තාවන් ප්‍රීති ඝෝෂා නගමින් සහ නර්තනයේ යෙදෙමින් එම පුවත සමරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය පුරා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
ඉරාන කාන්තාවන් සහ තරුණයින් පිරිසක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුප්‍රකට නර්තන විලාසය අනුකරණය කරමින් “ට්‍රම්ප් ඩාන්ස්” (Trump Dance) නමින් නව සමාජ මාධ්‍ය ප්‍රවණතාවක් ආරම්භ කර ඇත. තම නායකයා ඝාතනය කිරීමට නියෝග දුන් අමෙරිකානු ජනාධිපතිවරයාට උපහාරයක් ලෙස මෙම නර්තනය සිදු කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. විශේෂයෙන්ම “ඇමරිකාවට මරණය” (Death to America) වැනි පැරණි සටන් පාඨ වෙනුවට, නව පරපුර නිදහස ඉල්ලා මෙලෙස වීදි බැස තිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, ඉරානයේ ටෙහෙරාන් (Tehran) අගනුවර ප්‍රධාන චතුරස්‍රවල දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් එක්රොක් වී තම “දිවි පිදූ” නායකයා වෙනුවෙන් හඬා වැලපෙමින් ශෝකය ප්‍රකාශ කරන අයුරු ද දැකගත හැකිය. ඉරාන රජය මෙම ඝාතනයට එරෙහිව දැඩි පළිගැනීමක් සිදු කරන බවට දැනටමත් ලෝකයට අනතුරු අඟවා ඇත.














