2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තීරණාත්මක තරගයකට සහභාගි වීම සඳහා ඉරාක ජාතික පාපන්දු කණ්ඩායම පෞද්ගලික ගුවන් යානයකින් මෙක්සිකෝව බලා පිටත්ව යාමට තීරණය කර තිබේ. කලාපය තුළ පවතින උග්‍ර යුද වාතාවරණය හමුවේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇතත්, පවතින අවදානම සලකා මෙම ගමන තාවකාලිකව කල් දමන ලෙස කණ්ඩායම් පුහුණුකරු ග්‍රැහැම් ආර්නෝල්ඩ් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, සැලසුම් කර ඇති පරිදි මාර්තු 31 වන දින මෙක්සිකෝවේ මොන්ටෙරේහිදී ඉරාක කණ්ඩායම, බොලිවියාව හෝ සුරිනේම් යන කණ්ඩායම් දෙකෙන් ජයගන්නා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය. මෙම තරගය ඉරාක කණ්ඩායමට ඉතා තීරණාත්මක වන්නේ ඉන් ජයගන්නා කණ්ඩායමට 2026 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවන බැවිනි. දේශපාලනික සහ යුදමය අර්බුද හමුවේ වුවද ක්‍රීඩාව හරහා ජාත්‍යන්තරයට යාමට ඉරාක ක්‍රීඩකයන් දක්වන මෙම උත්සාහය ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














