ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරදී මීට සතියකට පෙර පැහැරගැනීමට ලක්වූ ස්වාධීන අමෙරිකානු මාධ්‍යවේදිනියක වන ෂෙලී කිට්ල්සන් (Shelly Kittleson) නිදහස් කර ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ තහවුරු කරයි.
ඉරානයට පක්ෂපාතී සටන්කාමී කණ්ඩායමක් වන ‘කතායිබ් හෙස්බොල්ලා’ (Kataib Hezbollah) විසින් ඇයව නිදහස් කර ඇත්තේ වහාම ඉරාකයෙන් පිටවීමේ කොන්දේසිය මතය. පසුගිය මාර්තු 31 වනදා ඇයව පැහැරගෙන තිබූ අතර, මෙම නිදහස් කර ගැනීම සඳහා සහය වූ ඉරාක බලධාරීන්ට රූබියෝ මහතා ස්තූතිය පළ කළේය.
මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේදී ඉරාක ආරක්ෂක අංශ සැකකරුවන් හඹා ගොස් ඇති අතර, එහිදී එක් පැහැරගන්නෙකු අත්අඩංගුවට ගැනීමට ද හැකි වී තිබේ. අමෙරිකානු-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම්කාරී වාතාවරණය හමුවේ කලාපය තුළ අමෙරිකානු ඉලක්ක වෙත එල්ල වන ප්‍රහාර ඉහළ ගොස් ඇති පසුබිමක මෙම සිදුවීම වාර්තා විය.














