• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම අරගලයේ ප්‍රතිඵලයක්ද? – මන්ත්‍රී සමන්ප්‍රිය

15 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රචණ්ඩකාරි හැසිරීම අරගලයේ යම් ප්‍රතිඵලයක් ලෙස දැකිය හැකි බවත් මේ පසුබිමේ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමීන් සිටින බව කිසිවෙකුට වසන් කළ නොහැකි කරුණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා, “පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහරදීම හා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවන දේ පිළිබඳව මහත් අන්දෝලොත්මක තත්වයක් රටේ ඇතිවී තිබෙනවා. මේ විශ්විද්‍යල පද්ධතිය නියෝජනය කරන්නේ මේ රටේ දුප්පත් ජනතාවගේ දුවාදරුවන්. අද සිදුවන මේ සිදුවීම් දෙස බලනවිට අරගලයේ යම් යම් ප්‍රතිඵලද කියා අපට සිතෙනවා. අයිස් මත්ද්‍රව්‍ය අද මේ රටේ තරුණ පරපුරට දැවැන්ත බලපෑමක් එල්ල වන තැනට පත්ව තිබෙනවා. මේ පහරදීම සිදුවන්නේ කෙසේද කියා අපි දන්නේ නෑ. ඒ පිළිබඳව පරික්ෂණ සිදු කෙරෙනවා. කෙසේ නමුත් විශ්වවිද්‍යාලවල බොහෝ සිසුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන තත්ත්වයට පත්ව තිබෙනවා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය තුළත් මෙවැනි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අරගලයෙන් පසු මේ රටේ තරුණ පිරිස් වගේම යම් යම් භික්ෂූන් වහන්සේලා කිසිදු බියක් සැකක් නැතුව හැසිරෙන තත්වයට පත්වෙලා. භික්ෂූන් වහනසේ මාධ්‍ය ඉදිරියට පැමිණ මහානායක හිමිවරුන්ට පරිබව කරන තැනට පත්වෙලා. මේ නිසා දෙමාපියන් දුවාදරුවන් විශ්වවිද්‍යාලයට පැමිණ කරන ක්‍රියාකාරකම් පිළිබඳව පසු විපරමක් කළයුතුයි. ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය තුළ ජනතා සහන ඇත්තේම නැහැ කියලා කතා කරනවා. ආණ්ඩුවට මේ කාලසීමාව තුළ සහන අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවත් රට ගොඩනගන වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨම පුද්ගලයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්කර රට ගොඩනැගීමේ වැඩපිළිවෙල අපි කරගෙන යන්නේ. මේ අයවැය තුළින් යම් සාධනීය පියවරක් ඉදිරියට තබා තිබෙනවා. ජනතාව චූන් කරන අයවැයක් නොවුනත් මේ පවතින ආර්ථික අර්බුදයට යම් විසදුමක් ලබාදිය හැකි වැඩපිළිවෙලක් මේ අයවැය තුළ දකින්නට තිබෙනවා. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියට පත්ව ඇති බවට විපක්ෂයේ මතයක් ප්‍රකාශ කරනවා. අපේ පක්ෂයවත්, ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මැතිවරණයක් නොපවත්වන බවක් ප්‍රකාශ කර නැහැ. අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ ඕනෑම වෙලාවක මැතිවරණයක් තියන්න. ඊට අපේ පක්ෂය සූදානම් බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පිහිටුවා ප්‍රථමයෙන් මුහුණ දුන් මැතිවරණය වන පළාත් පාලන මැතිවරණය හරහා මේ රටේ ජනමතය ගොඩනගාගෙන ඉන් විශිෂ්ට ජයක් ලැබු බව මතක් කරනවා. ඕනෑම වෙලාවක පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. ජනතා කැමැත්ත උරගා බලන්නේ මැතිවරණයෙන්. අපි පසුගිය කාලයේ පැවති මැතිවරණ සියල්ලගෙන්ම විශිෂ්ට ජයක් ලැබුවා. ඒ වගේ ඉදිරි මැතිවරණයකදීත් අවශ්‍ය පසුබිම සකස් කර පක්ෂයක් විදිහට සූදානම් වී අපි ජයග්‍රහණය ලබනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවු හිටපු උපකුලපතිට පහරදීම පිළිබඳව ඒ ඒ පාර්ශ්‍රවයන් කරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය පරීක්ෂණවලින් ඔප්පු වේවි. එතෙක් කවුද වැරදි නිවැරදි කියන්න අපිට බෑ. මීට පෙරත් එවැනි සිදුවීම් සිදුවෙලා තිබෙනවා. නමුත් මේවා දෙස බලන කල අපට පෙනි යන්නේ විශ්වවිද්‍යාලවල තිබෙන ප්‍රචණ්ඩත්වයයි. පෙරටුගාමීන්, ජනතා විමුක්ති පෙරමුණ මේ පසුබිමේ සිටින බව වසන් කළ නොහැකියි. දේශපාලනය කළාට කමක් නෑ. නමුත් මෙවැනි ප්‍රචණ්ඩත්වයක් මුදාහැරීම නොවිය යුතුයි. මේ රටේ කිසිදු පුරවැසියෙකුට පහරදීම කිසිවෙකුට අයිතියක් නෑ.”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා මෙහිදි සඳහන් කළේය.

 

Post Views: 12
Previous Post

ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට පක්ෂ පාට බේදයකින් තොරව එක්වන්න -ජනපති

Next Post

දේශීය රබර් මිල ස්ථාවර වෙයි ..ආනයනය ශීඝ්‍ර ලෙස පහළට.. – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

editor

editor

Next Post

දේශීය රබර් මිල ස්ථාවර වෙයි ..ආනයනය ශීඝ්‍ර ලෙස පහළට.. - මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved