27 April 2024
#විශේෂාංග

දේශීය රබර් මිල ස්ථාවර වෙයි ..ආනයනය ශීඝ්‍ර ලෙස පහළට.. – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය දැඩි නියාමනයකට ලක් කිරීමත් සමග දේශීය රබර් මිල ස්ථාවර මට්ටමකට පැමිණෙමින් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දේශීය රබර් මිල පහත බැසීම සහ අතිරික්ත ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ දෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම පිළිබඳ අද (15) අදහස් දක්වමිනි.

එසේ ම රබර් ආනයනයේ ශීඝ්‍ර පහළ යාමක් ද පෙන්නුම් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දේශීය සුළු පරිමාණ රබර් වගාකරුවන් සිය නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි මට්ටමට පත් වීමත් සමග ඊට හේතු සොයා බැලීම සඳහා අදාළ කමිටුව පත් කෙරුණු අතර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වාණිජ මණ්ඩලය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තු ඇතුළ ආයතන නියෝජනයවල නියෝජිතයන්ගෙන් එම කමිටුව සමන්විත ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *