27 July 2024
#දේශීය

දිවයින පුරා සමථ මණ්ඩල කටයුතු හෙට සිට යලි ආරම්භ වෙයි

කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබු දිවයින පුරා පිහිටි සමථ මණ්ඩල කටයුතු හෙට (09) සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් 19 වසංගතය සමග සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස සිට නතර කිරීමට සිදු වී ඇත.

එහෙත් මේ වන විට එම තත්වය පහව යමින් ඇති බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු ආරම්භ කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පැමිණිලි විභාග කිරීම හා සමථ මණ්ඩල කටයුතු පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබදව සමථ නිලධාරින්ට හා දිවයින පුරා සමථ මණ්ඩල සභිකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *