ඉරාන වරායන් වෙත නාවික අවහිරතා පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට ඊශ්‍රායලයේ පූර්ණ සහයෝගය හිමිවන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම නතර කිරීම අත්‍යවශ්‍ය බවයි.
මේ අතර, පවතින යුදමය වාතාවරණය හේතුවෙන් යුරෝපා සංගමය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් අනාවරණය කළාය. ඇය පෙන්වා දෙන්නේ පසුගිය දින 44 තුළ පමණක් යුරෝපා සංගමයේ ඉන්ධන ආනයන වියදම යුරෝ බිලියන 22කින් ඉහළ ගොස් ඇති බවයි. ලෝක තෙල් හා ගෑස් අවශ්‍යතාවයෙන් 20%ක් ප්‍රවාහනය කරන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහස අහිමි වීම ලෝක ආර්ථිකයට දරාගත නොහැකි බලපෑමක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන තෙල්වලින් වැඩිම ප්‍රමාණයක් චීනය (31%) සහ ඉන්දියාව (14%) ලබා ගන්නා අතර, මුළු සැපයුමෙන් 86%ක්ම ගලා යන්නේ ආසියානු රටවලටය. එබැවින් මෙම කලාපීය අර්බුදය ගෝලීය බලශක්ති වෙළඳපොළ සහ නිෂ්පාදන ක්ෂේත්‍රය දැඩි ලෙස අඩපණ කිරීමට සමත්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.













