• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීම නව ක්‍රමවේදයකට

7 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසය හෙවත් COVID 19 ව්‍යාප්තිය නතර කිරීමේ අරමුණ ඇතිව, ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශීවීම වළක්වනු පිණිස රජය විසින් වරින් වර ඇඳිරි නීතිය පනවනු ලැබේ.

එවැනි අවස්ථාවල ඇඳිරි නීති බලපත් ලබා ගැනීම සඳහා පුද්ගලයන් විශාල වශයෙන් පොලිස් ස්ථාන වෙත පැමිණෙන බව නිරීක්ෂණය කර ඇත. මෙසේ ජනයා ඒකරාශීවීම කොරෝනා මර්දන වැඩසටහන්වලට බලවත් බාධාවකි.

එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කොට තිබේ. ඒ අනුව ඇඳිරිනීති බලපත් නිකුත් කිරීම ක්‍රම 04කට සිදු කෙරේ.

ඒ පොලිස් මූලස්ථානය, පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාල සහ පොලිස් ස්ථාන මගිනි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරි නීති බලපත් නිකුත් කරන්නේ පොලිස් මූලස්ථානය විසිනි. බස්නාහිර පළාතේ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතන සඳහා ඇඳිරී නීති බලපත් නිකුත් කිරිම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැවරේ.

බස්නාහිර හැර සෙසු පළාත්වලට අයත් සේවකයන් 50ක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිකුත් කිරීම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් සිදු කෙරේ.

ඒ ඒ පොලිස් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් සේවකයන් 10ක් හෝ ඊට වැඩි සහ සේවක සංඛ්‍යාව 50ට අඩු ආයතනවලට ඇඳිරී නීති බලපත් නිකුත් කරනුයේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි කාර්යාලය විසිනි.

පොලිස් බල ප්‍රදේශයක ඇති, සේවක සංඛ්‍යාව 10ට අඩු, ආයතන සඳහා බලපත් නිකුත් කිරීම ඒ ඒ පොලිස් ස්ථානයට පවරා තිබේ. එසේම අතිශය මානුෂීය හේතුන් මත පුද්ගලයන්ට බලපත් නිකුත් කිරීමට ද පොලිස් ස්ථානවලට අවසර ඇත.

ඇඳිරී නීති බලපත්‍ අයැදුම්පත කුමන කාර්යාලයකට යොමු කළ යුතු ද යන්න කල්තබා නිශ්චය කර ගන්නැයි වැඩබලන පොලිස්පතිවරයා ආයතනවලට දැනුම් දෙයි. බලපත් අයැඳුම් කළ යුත්තේ අතිශය සාධාරණ හේතු ඇතිව පමණි.

ජනාධිපති කාර්යාලය, අග්‍රමාත්‍ය කාර්යාලය ප්‍රමුඛ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා අධිකාරි ඇතුළු ආයතනවල සේවකයනට සිය සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කිරීමට පිළිවන. එසේ වුවද සේවා අවශ්‍යතාවක් නැතිව සිය සේවා හැඳුනුම්පත අවභාවිත කරන අයට එරෙහිව නීතිමය පියවර ගනු ලැබේ.

ඇඳිරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චක්‍රලේඛය www.police.lk වෙබ් අඩවියෙන් සහ රජයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඇතුළත් කර ඇති බව රජය පවසයි.

 

දිලිනි සමන්මලි

Post Views: 4
Previous Post

සෞඛ්‍ය සේවා නිලධාරීන්ට දිරි දීමනා පහසුකම් සියල්ල ලබා දෙන්න – හෙළ බොදු සවිය

Next Post

කොරෝනා චීනයෙන් තුරන් වෙද්දී ලෝ වටා තත්ත්වය

editor

editor

Next Post

කොරෝනා චීනයෙන් තුරන් වෙද්දී ලෝ වටා තත්ත්වය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved