• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදලා අවුරුදු 05 යි …ජනතා අයිතියට පත් නොවු මහඉලුප්පල්ලම පොදු වැසිකිලිය

21 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ , ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මහඉලුප්පල්ලම නගරයේ මීට වසර 05 කට පමණ ඉහතදී ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් ඉදි කිරීම් අවසන් කළ පොදු වැසිකිළි පද්ධතිය මෙතෙක් ජනතා අයිතියට පත් කර නැතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

කාන්තා, පිරිමි හා ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කළ හැකි වන පරිදී අංග සම්පූර්ණ වැසිකිලි පද්ධතියක් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වැය කරමින් ඉපලෝගම ප්‍රාදේශීය සභාව මගින් මීට වසර 05 කට පමණ ඉහතදී මහඉලුප්පල්ලම නගරයේ වෙළඳසංකීරණයට පිටුපසින් ඉදි කර අවසන් කර ඇත. නමුත් ඊට ජල සම්බන්ධතාවය ලබා නොදීම හේතුවෙන් තවමත් ජනතා අයිතියට පත් කර නැතැයි ජනතාව පවසති.

අංග සම්පූර්ණව ඉදි කළ අදාළ වැසිකිළි පද්ධතිය මේ හේතුවෙන් භාවිතයට නොගෙනම විනාශ වෙමින් පවතින අතර, මහජන මුදල් මෙලෙස නිකරුණේ විනාශ වීමට ඉඩ හැරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය කණගාටුව පළ කර සිටිති.මේ වන විට ජල ටැංකි කැලෑවට යටවී, විනාශ වෙමින් පවතින අයුරුද දැක ගත හැකි විය.

මහඉලුප්පල්ලම නගරයේ පිහිටි ප්‍රාදේශීය රෝහල, මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග ආයතනය, ඉංජිනේරු කාර්යාලය, මහවැලි කාර්යාල, උපතැපැල් කාර්යාල ඇතුළු රාජ්‍යය හා පෞද්ගලික ආයතන සඳහා සේවා සපයා ගැනීමට පැමිණෙන හා මහඉලුප්පල්ලම නගරයට පැමිණෙන ජනතාවට වැසිකිලි කැසිකිළි කටයුතු සිදු කර ගැනීමට ස්ථානයක් නොමැති වීමෙන් ජනතාව මහත් අපහසුතාවට පත්වන බවද ප්‍රදේශවාසීන් පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කියා සිටින්නේ, මෙච්චර හොඳට මේක හොදට හදලා, පාවිච්චි නොකරම විනාශ වෙනවා, බස් එකකින් බැහැලා එන කාන්තාවකට යන්න වැසිකිලියක් නෑ, කඩවල් වලට ගිහින් අහනවා වැසිකිලියට යන්න, සමහර කඩවලත් වැසිකිලි නෑ, පිරිමි අය කොහෙට හරි යනවා, වැසිකිලිය හදලත් විවෘත නොකරන නිසා මිනිස්සු අසරණ වෙනවා.සම්පූර්ණ වැඩ ඉවර වෙලා තියෙද්දිත්, ප්‍රාදේශීය සභාව තමා දන්නේ මේක ඇයි විවෘත කරන්නේ නැත්තේ කියලා.මේක නගරයට තිබුණ විශාල අඩුවක්, ඉතින් වැසිකිලි පද්ධතිය හදලා අවුරුදු 05 ක් වෙනවා තාම විවෘත කළේ නෑ, වහලා දාලා තියෙන්නේ, ඉක්මනට මේක විවෘත කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ, නැත්නම් මේවා නිකම්ම විනාශ වෙලා යනවා යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අපි දුරකථන අංක 025-2264276 ඔස්සේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති හේමන්ත චන්ද්‍රකුමාර රත්වත්තේ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ,

මේ වැසිකිළි පද්ධතිය හිටපු සභාපතිතුමාගේ කාළයේ තමයි ඉදි කළේ, ජලය ගැනීමට ගැටලුවක් තිබ්බේ, තවම මම ඇවිත් මාස 05 ක් වෙන්නේ, ජනතා අයිතියට පත් කරන්න වතුර දෙන්න විතරයි තියෙන්නේ, ඇස්තමේන්තු කරලා මුදල් බැඳලා තියෙන්නේ ජල සම්පාදනයට, පාර කපලා බට එලන්න තිබුණ නිසා ප්‍රමාද වෙලා තිබුණේ, දැන් පාර යටින් විදලා වතුර ලයින් එක ගන්න සූදානම් කරලා තියෙන්නේ, ජල සම්පාදනයත් එක්ක කථා කරලා දවස් 03 ක් ඇතුළත වතුර දීලා පොදු වැසිකිලිය ජනතා අයිතියට පත් කරන්න කටයුතු කරන්නම් යනුවෙනි.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 0
Previous Post

ජල සම්පාදනයේදී පිරිවැයට සරිලන ලෙස ජල ගාස්තුව සංශෝධනය කරන්න – උපදේශක කාරක සභාවට යෝජනාවක්

Next Post

ප්ලාස්ටික් ‌ බෝතල්වල ඇසූරුම් කර දියර කාබනික පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට – ඇමැති අමරවීර

editor

editor

Next Post

ප්ලාස්ටික් ‌ බෝතල්වල ඇසූරුම් කර දියර කාබනික පොහොර සැපයූ සමාගමක් අසාදු ලේඛනයට - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved